දේශීය පුවත්

නව කැබිනට් මණ්ඩලය අද (20) උදේ 8.15ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

කැබිනට් මණ්ඩලයේ සංයුතිය තීරණය කිරීම පිළිබඳව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර එකඟතාවකට පැමිණෙන තෙක් නව කැබිනට් ඇමැතිවරු දිවුරුම් දීම දින කිහිපයක් ප්‍රමාද විය. කැබිනට් මණ්ඩලය සඳහා සාමාජිකයන් 36 දෙනෙක්ගේ නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කලින් යෝජනා කර තිබූ අතර එය සාමාජිකයන් 30 සීමාව නොඉක්මවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවයෙන් දැනුම් දී ඇති බවද දැනගැනීමට තිබේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩාය‍ෙම් සාකච්ඡාවක් ඊයේ (19) රාත්‍රී 7ට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එම සාකච්ඡාවෙන් පසු එක්සත් ජාතික පෙරමුණේ යෝජනා ද සමඟ අග්‍රාමාත්‍යවරයා ඊයේ රාත්‍රී 8ට ජනාධිපතිවරයා හමුවිය. එම සාකච්ඡාවේ දී තීරණය වූ පරිදි සරත් ෆොන්සේකා, ඒ.එච්.එම්. ෆවුසි, පියසේන ගමගේ සහ රංගේ බණ්ඩාර මන්ත්‍රීවරුන්ට ඇමැතිධුර ලබා නොදීමට තීරණය වූ බවද වාර්ථාවේ.

මේ අතර ඊයේ සවස 5.30ට ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය. එහිදී නව කැබිනට් මණ්ඩලය උපරිම 30 සීමාවට යටත්විය යුතු බවත් එම ප්‍රමාණයට වඩා කැබිනට් මණ්ඩලය වැඩිකරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බවත් සාකච්ඡා කෙරුණු බව දැනගන්නට තිබේ.

ඒ අනුව අද දිනයේ දී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පමණක් නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දීමට නියමිතය.

මේ අනුව ශ්‍රීලනිප මන්ත්‍රීවරු කිසිවකු කැබිනට් ඇමැතිවරු ලෙස අද දිවුරුම් නොදෙනු ඇතැයි ද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ අනුව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හැරුනුවිට තවත් මන්ත්‍රීවරුන් 28ක් පමණක් දිවුරුම් දෙනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More