දේශීය පුවත්

ශ්‍රීලංකන් සහ මිහින් ලංකා සමාගම්වල සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කර තිබේ.

අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී කොමිසමේ සාමාජිකයන් හමු වූ ජනාධිපතිවරයා පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබේ.

2006 වසරේ ජනවාරි පළමු වනදා සිට 2018 වසරේ ජනවාරි 31 වන දා දක්වා කාල පරිච්ඡේදය තුළ අදාළ සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත්කළේ ය.

මේ වසරේ පෙබරවාරි 14 වන දා සිට ක්‍රියාත්මක කොමිසමේ නිල කාලය දෙසැම්බර් 31 වන දා අවසන්වීමට නියමිතයි.

ජනාධිපතිවරයා විසින් එම නිල කාලය පෙබරවාරි මස 15 වන දා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More