පුරවැසි කොලම

අතිගරු ජනාධිපතිතුමා ඉදිරියේ පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා පස්වන වරටත් අග්‍රාමාත්‍ය වරයා ලෙස දිවුරුම් දුන්නේය.හෙට දවසේ එතුමාගේ කැබිනට් මණ්ඩලයද ඉතා ඉක්මනින් දිවුරුම් දෙනු ඇත.එජාපයට ආණ්ඩුවක් පිහිටවීමට සහය දෙන බව කියූ දෙමළ ජාතික සන්ධානයද විපක්ෂයේ අසුන්ගෙන ඇත.එනිසාම දෑන් එජාපය සතුව ඇත්තේ ආසන 106 ක් පමණි.පසුගියදා එජාපෙ විසින් අධිකරණය පවා නොමග යවනු ලැබුවේ ආණ්ඩුවක් පිහිටවීමට මන්ත්‍රීවරුන් 117 කගේ සහය තමන්ට ඇතිබව පවසමිණි.නමුත් දැන් එජාපය සුඵතර ආණ්ඩුවක් වී අවසානය.ඔවුන් දැන් ආසන 113 ක් සාදා ගැනීමට නොවිදිනා දහ දුකක් නැත.දෑන් ඔවුන් පොදුජන පෙරමුණට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දෑල එලමින් සිටී.පොඩි බඩගිනි කාරයෝ කීපදෙනෙකු හෝ සොයා ගැනීමට උත්සහ දරමින් සිටී.

පසුගියදා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රෑස්වු ශ්‍රීලනිපයේ මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික තීරණය වුයේ කිසිසේත් එජාපය සමග ආණ්ඩුවක් සෑදීමට එක් නොවන බවයි.ශ්‍රීලනිපයට මේ මොහොතේ ගත හැකි හා ගත යුතු භොදම තීරණය එයයි.එය ප්‍රගතිශිලී මෙන්ම දේශප්‍රේමීද වේ.ශ්‍රීලනිපය තුලද බඩගිනි කරුවන් සිටින බව ඊයේ අප හොදින්ම දුටුවේය.ඔවුන් විවිධ තර්ක ගෙන හැර පාමින් සිය බඩගින්න නිවා ගැනිමට උත්සහ කරති. ඇතමුන් ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ තනිවෙනවාට බය බව පවසති.ඇතමුන් ඊට දුක බව පවසති.එදා එජාපෙ නායකයන් ඉදිරියේ තබාගෙන රනිල් වික්‍රමසිංහ මහතාට අතිගරු ජනාධිපතිතුමා කියු කතාව ඇසුවානම් බිය වීමට කිසිදු කරුණක් නැත.කීමට ඇත්තේ ඔවුන්ගේ කැබිනට් මණ්ඩලයටම අපෙන් එක් අයෙක් පමණයි කියාය.

රනිල් වික්‍රමසිංහ මහතා හා එතුමාගේ සගයන් ගෙන එන රටට හතුරු ඕනෑම යෝජනාවක් ආපිට හැරවිය හැකි බව එදා අතිගරු ජනාධිපතිතුමා විසින් ඔප්පු කර පෙන්වුවේය. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව දැන් එය පිළිගෙනද අවසානය.දැන් ශ්‍රීලනිපයට කිරීමට ඇත්තේ ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලය තුල කරනු ලබන අරගලය නිර්මාණශීලීව ජන ගත කිරීම පමණි.ඒ වෙනුවෙන් දේශප්‍රේමී ස්වදේශීකවාදී මහජන බලවේගයක් අවධි කිරීම හා ඊට නායකත්වය දීමයි.
piryanjeth wetharana



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More