හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් නොවුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස තවමත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් බවත් සිය මාසික පඩියෙන් රුපියල් 3000ක් තවමත් පක්ෂ අරමුදලට බැරවන බවත්ය.
මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් නිදහස් පක්ෂයේ අනුශාසක ලෙස කටයුතු කරන බවත් ඒ අනුව ඔහුට විපක්ෂ නායක ධූරය සඳහා හිමිකමක් ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු 97ක් සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් මගන් දන්වා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...