එක්සත් ජාතික පක්ෂය විසින් කැබිනට් අමාත්‍යධුර 30ක් සඳහා යෝජිත නම් ලැයිස්තුවක් ජනාධිපතිවරයා වෙත පසුගියදා ඉදිරිපත් කර තිබිණි. ඒ අතර එජාපයේ ඉදිරිපෙළ දේශපාලඥයෙකු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නමත් ඇතුලත්ව තිබු අතර ඒ මහතාට අමාත්‍ය ධූරයක් ලබා දීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
පසුගිය කාලයේ ඇතිවූ දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා විසින් ජනාධිපතිවරයාව පහත් ලෙස විවේචනය කිරීම නිසා ඔහුට අමාත්‍ය ධූරයක් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේනමුත් එජාපයේ ඉදිරිපෙළ දේශපාලඥයෙකු වන ෆොන්සේකා මහතාට කෙසේ හෝ අමාත්‍ය ධූරයක් ලබා ගැනීමේ උත්සාහය අත්හැර නැතැයි එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේනමුත් නව කැබිනට් මණ්ඩලය දිව්රුම් දීමේ දිනයක් මේ වන විටත් ප්‍රකාශයට පත් කර නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...