දේශීය පුවත්

නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් ලෙස යෝජිත නම් ලැයිස්තුවක් මේ වන විට ජනාධිපතිවරයා වෙත ලබා දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

එම යෝජිත ලැයිස්තුවේ කැබිනට් අමාත්‍යවරු 30දෙනෙකු සඳහා නම් යෝජනා කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

පොලිස් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකක පාලනය එජාපය වෙත ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා සමඟ ඊයේ දිනයේදී දිගින් දිගටම සාකච්ජා පැවතුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි. කෙසේ නමුත් ඒ පිළිබඳ අවසන් තීරණය ජනාධිපතිවරයා සතු වේ.

කෙසේ වෙතත් පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ වූයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ පොලීසිය සහ මාධ්‍ය තබා ගැනීමට කටයුතු කරන බවය.

බොහෝ විට ඉදිරි පැය 48 තුල කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන බව විශ්වාස වන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More