කැබිනට් ඇමැතිකම් සීමිත බැවින් ස්වේච්ඡාවෙන් කිහිපදෙනකු ඉවත්වන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වා ඇත්තේ තිදෙනකු පමණි. ඒ, මලික්, මනෝගනේෂන් සහ රිෂාඩ් බදුර්දීන්ය.
කැබිනට් ඇමැති ධුර 30ක් පමණක් ලබාදිය යුතු නිසාත් අගමැති, ජනාධිපති යටතටද අමාත්‍යාංශ කිහිපයක් යටත් වන නිසාත් එම සංඛ්‍යාව තවත් අඩුවීම හේතුවෙන් මෙම ගැටලුව පැන නැඟී ඇත.
එහෙත් පසුගිය ආණ්ඩුවේ කැබිනට් ඇමැතිකම් දැරූ කිසිදු එජාප මන්ත්‍රිවරයකු මේ සඳහා කැමැත්ත ප්‍රකාශ කර නොමැති අතර ඔවුන් සියලු දෙනාම කැබිනට් ඇමැති ධුර ඉල්ලා සිටීමද විශේෂත්වයකි.
මේ අතර ශ්‍රී ලනිපයෙන් එක්වූ මන්ත්‍රිවරුන්ටද ඇමැති තනතුරු ලබාදීම ගැන මෙතෙක් අවසන් එකඟතාවකට පැමිණ නැත.
වසන්ත සේනානායක මන්ත්‍රිවරයාද තමන්ට කැබිනට් ඇමැතිකමක් අවශ්‍ය බැව් තරයේම කියා සිටීම නිසා කැබිනට් ඇමැතිකම් ලබාදීම ගැටලුවක් බවට පත්ව ඇති බවද එජාප ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...