දේශීය පුවත්

අලි කොටි සීනු රූකඩ ආණ්ඩුවට වැඩි ආයුෂ නොමැති බවත් කකුළුවා නටන්නේ දිය හැළියේ වතුර රත්වන තුරු පමණක් බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ලැබෙන පළමු පැයේදිම අලි කොටි සීනු දේහද්‍රෝහී ආණ්ඩුව පලවා හැරීමට විපක්ෂය සූදානම් බවත් මිනුවන්ගොඩ උඩුගම්පොළදී පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ ක්‍රියාකාරී රැස්වීමේදී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි දේශපාලන තත්වය පැහැදිලි කිරීම සදහා කැඳවා තිබුණු එම රැස්වීමේ දී වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

“අද තමන්ට අවශ්‍ය රූකඩ ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මේ රටට හතුරු බලවේග වලටහැකියාව ලැබිලා තියෙනවා. රනිල් අගමැති වීම මෙරට බහුතර ජනතාවගේ අපේක්ෂාව නෙමෙයි. මේ රටේ බහුතර ජනතාවට අවශ්‍ය වුයේ මහින්දගේ ආණ්ඩුවක්. හැබැයි රටට හතුරු රට බෙදාගන්න වලිකන බටහිර බලවේගවලටත්, දෙමළ ඩයස්පෝරාවටත් වුවමනා වුණේ තමන්ගෙ පදේට නටන රූකඩ ආණ්ඩුවක් . රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති ධූරයෙන් ජනාධිපතිවරයා ඉවත් කරපුවාම ඔහුව රැකගන්න පෙරමුණට පැමිණි බලවේග අනුව මේ බව වැටහෙනවා. රනිල්ව නැවත අගමැති කිරීමට වැයකළේ බැදුම්කර මංකොල්ලයේ සල්ලි, දෙමළ ඩයස්පෝරාවේ සල්ලි. ඒවාට පිං සිද්ධ වෙන්නයි රනිල් නැවත අගමැතිකම රැක ගත්තේ.

තමන් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ නොකරන බවට රතු අලි පැටවු අද නැවත අඳෝනා නගන්න පටන් අරන් තියෙනවා. මේ ඊනියා දේශප්‍රේමින්, විප්ලවවාදීන් ලෙස පෙනී සිටින රතු අලි පැටව්න්ට ඕනෙ වුනේ රනිල් හාමුව බලයට ගේන්නයි. ඒත් පසුගිය කාලේ ඔවුන්ගේ හැසිරීම රටේ ජනතාවට හොදටම පැහැදිලි වුණා. අද මේ ආණ්ඩුවට රතු අලි පැටවු හොරෙන් සහය දෙනවා. මේ ආණ්ඩුව අලි, කොටි, සීනු ආණ්ඩුවක් ලෙස මම හඳුන්වන්නේ ඒකයි.

මේ රටේ ජනතාවගේ අපේක්ෂාව මහින්ද රාජපක්ෂ මහතාගේ රජයක්. මහින්දට පමණයි මේ රට වැටී තිබෙන තැනින් නැවත ගොඩ ගත හැක්කේ කියන විශ්වාශය මේ රටේ ජනතාවට තිබෙනවා. නමුත් ඒ ජනතා අපේක්ෂාව රටට එරෙහි සියලු බලවේග එකතුවෙලා නැතිකරලා දැම්මා. මේ දේශද්‍රෝහි පරගැති අලි කොටි සීනු ආණ්ඩුවට වැඩි ආයුෂ නෑ. කථාවක් තියනවා කකුළුවා නටන්නේ දිය හැලිය රත්වෙනකන් විතරයි කියලා ඒ වගේ මේ ආණ්ඩුවත් දඟලන්නේ වෙලාව එනකන් විතරයි කියලා. ආණ්ඩුවටත් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටින විජාතික බලවේගවලටත් අපි කියන්න කැමතියි.

අලි කොටි හවුල කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. රනිල් වික්‍රමසිංහලා එදා ඉඳන් කළේ කොටින්ට උඩගෙඩි දීපු එකයි. බලය ගන්න ඕනෑම ජරා වැඩක් කරන එක ඒ අයට සුළු දෙයක්. දැන් දේශප්‍රේමීන් යැයි කියා ගන්නා ජනතා විමුක්ති පෙරමුණත් ඒකට එකතු වෙලා. ජනතා විමුක්ති පෙරමුණේ අවසානය සනිටුහන් කරන්නෙත් රනිල් වික්‍රමසිංහයි කියන එක මතක තියා ගත යුතුයි. එදා 88/ 89 කාලේ ජ. වි. පෙ තරුණයන් බටලන්දේදී දිවිය ලෝකේ යවපු කෙනා එක්ක හවුල් වෙන්න අනුර කුමාරලට හැකි වුණේ කොහොමද කියලයි අද පාක්ෂිකයන් ප්‍රශ්න කරන්නේ.

අලි, කොටි, සීනු අශුද්ධ සන්ධානය අද එකතු වෙලා තියෙන්නේ රටට තියෙන ආදරයට නෙමෙයි. තමන්ගේ පටු දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරගන්නයි. අපි ඒවට ඉඩ තියන්නේ නැහැ. ආණ්ඩු බලයට ඒ අයට තිබුණට රටේ ජනතා බලය තියෙන්නේ අපිටයි. තවත් වැඩි දිනක් යන්නට පෙරාතුරව අපි මේ ආණ්ඩුව ගෙදර යවලා ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනගනවා. ඒක වෙනස් කරන්න කිසිම ජගතකුට බැහැ.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල,මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර යන මන්ත්‍රීවරුන් මෙහිදී කථා කලහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More