රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් පසු පාර්ලිමේන්තුව අද (18) පළමු අවස්ථාව රැස්වීමට නියමිතයි.
ඒ අනුව අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතයි.
පාර්ලිමේන්තු සැසිවාර කිහිපයක් වර්ජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වන බව ප්‍රකාශ කර තිබේ.
පසුගිය 12 වැනිදා අවසන් වරට පාර්ලිමේන්තුව රැස්වූ අතර අද කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිත අතර පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරු සම්බන්ධයෙන් පක්ෂ නායක හමුවේදී තීරණයක් ගන්නා බව කථානායක කාර්යාලය පවසයි.
ඒ අනුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දහවල් 12.00ට පක්ෂ නායක හමුවක් කැඳවිමට නියමිතව තිබේ.
සැසිවාරය අතරතුරදී මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය සීමාවන්ට යටත්ව විවෘත තබන බව කථානායක කාර්යාලය සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...