තම නිල කාලය පිළිබඳමත විමසුමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ කිසිවෙකු කලබල විය යුතු නැති අතරශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන ඕනෑම තීරණයක් ඉතා ගෞරවයෙන් යුතුව පිළිගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිස නමා හෙට නොව අද වුවත් ජනාධිපති ධූරයෙන් නික්ම යාමට තමා සූදානම් බව ජනාධිපතිතුමා පවසයි.
තමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසුමක් සිදු කළේ තමාට ජනාධිපති ධූරයේ රැදී සිටීමට තිබෙන වසර ගණන පිළිබඳ නොව 19වන ව්‍යවස්ථා සංශෝධනය සමග වර්තමාන ජනාධිපතිවරයාගේ නිල කාලය පිළිබඳසමාජය තුළ මත දෙකක් ඉදිරිපත්වී තිබීම නිසා බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.
තමා ජනාධිපති ධූරයේ සැමදා රැදී සිටීමට පැමිණි අයෙක් නොවන බව පැවසූ ජනාධිපතිතුමා එහෙත් තමන් රට වෙනුවෙන් දකින සිහිනයක් වන ජාතික සංහිඳයාව ශක්තිමත් වූ මෙන්ම සියලූ ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන ලොව පිළිගත් රාජ්‍යයක් ලෙස ශ‍්‍රී ලංකා මාතෘ භූමිය ඔසවා තැබීමේ සිහිනය වෙනුවෙන් තනතුරු තිබුණත් නැතත් සැමදා කැපවන බව ද අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...