දේශීය පුවත්

සිය ආණ්ඩුවට ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් සම්බන්ධ වුවද ඔවුන් කිසිවකුට කැබිනට් ඇමැතිකම් ලබානොදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇති බව එජාපයේ විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.

ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙනයෑම සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහාය අඛණ්ඩව ලබාදීමට තීරණය කර ඇති බැවින් ආණ්ඩුවේ බහුතරය ගැන එතරම් ගැටලුවක් ඇති නොවන බවද හෙතෙම කීවේය.

එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් නිර්මාණය වන බැවින් කැබිනට් ඇමැතිකම් ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ට ලබාදීම ගැන විවිධ ගැටලු මතුවී ඇති බවද එම ප්‍රකාශකයා කීවේය.

මේ අතර කැබිනට් අමාත්‍ය ධුර සඳහා පත්කරන එජාප මන්ත්‍රිවරුන් කවුරුන්දැයි ස්ථිරවම ප්‍රකාශ කර නොමැති අතර විෂය පථයන් බෙදා ගැනීම ගැන ගැටලු පැනනැඟී ඇති බවද වාර්තා වේ.

මේ වනතෙක් සම්පූර්ණ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ගැටලුවක් බවට පත්ව ඇති බවද වාර්තා වේ.

එම නිසා අද (18දා) බොහෝ දුරට මුදල්, ජනමාධ්‍ය, සෞඛය ඇතුළු අත්‍යවශ්‍ය විෂයයන් කිහිපයක අමාත්‍යවරුන් පමණක් දිවුරුම් දීමට ඉඩ ඇති බවද වාර්තා වේ.

පියසේන ගමගේ, ඒ.එච්.එම්. ෆවුසි සහ මනුෂ නානායක්කාර යන මන්ත්‍රිවරුන්ට ඇමැති ධුර ලබානොදෙන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණයක් ගෙන ඇති බවද දැනගන්නට ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්කළ මන්ත්‍රිවරුන්ට කැබිනට් ඇමැති ධුර ලබා නොදෙන ලෙසට එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරු පිරිසක් නායකත්වයට බලකර ඇති බවට තොරතුරු වාර්තා වේ.
මේ තත්ත්වය යටතේ කැබිනට් මණ්ඩලය අවස්ථා කිහිපයකදී දිවුරුම් දීමට ඉඩ ඇති බවද ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More