දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමත් සමඟ එක්සත් ජාතික පක්ෂ දඹුල්ල ප්‍රදේශයේ පාක්ෂීකයන් ඊයේ (16) රාත්‍රියේ දඹුල්ල නගරයේ ස්ථාන කිහිපයකම පුද්ගලයන් රැසකට පහර දී දේපල රැසක් අලාභහානි සිදු කර ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

ජය සැමරීමත් සමඟ ඊයේ රාත්‍රියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි කිරි හා පලතුරු අලෙවි සැලකට කඩු පොලු වලින් පහර දී දැඩි අලාභහානි සිදු කොට තිබෙන බවත් එහි සිටි එක් පුද්ගලයෙකුට පහර දී තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා විය.

එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරු සංගමයේ සභාපති වරයාට නිවසට ගොස් මැර පිරිසක් අමානුෂික ලෙස පහර දී ඔහු ද බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කොට තිබෙන අතර ඔහුගේ හිස ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිත බවද දඹුල්ල රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි කිරි අලෙවිසැලේ සිටී අයි .ජී .රණ්බන්ඩා මහතා සහ ආර්ථික මධ්‍යස්ථාන කම්කරු සංගමයේ සභාපති ජයන්ත කරුණාතිලක යන අය බව පොලීසිය කියයි.

මෙම පිරිස සහ අලාභානි සිදුකොට ඇති ස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් අද (17) පෙරවරුවේ එම ස්ථානවලට පැමිණි ඇත.

ආර්ථික මධ්‍යස්ථානයේ තුළ පිහිටි කිරි අලෙවි සැලට පහරදෙන ආකාරය සහ පැමිණි පිරිස පිළිබඳවත් එම ස්ථානයේ සිටි පුද්ගලයාට පහර දෙන ආකාරයත් අසල පිහිටි වෙළඳසැලක ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ බව පොලිසිය කියයි.

ආර්ථික මධ්‍යස්ථාන කම්කරු සංගමයේ සභාපතිවරයාට පහරදීමට පෙර පස්වරු 4ට පමණ එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා දුරකතනයෙන් කතා කොට තර්ජනය කළ බව බවත් ඔහු පසුව එම තර්ජනය පිළිබඳව ආර්ථික මධ්‍යස්ථානය වෙළෙඳ සංගමයේ අනුශාසක පූජ්‍ය අලුත්ගමඋපනන්ද ස්වාමීන් වහන්සේට දැනුම් දුන් බව ද ඔහු පැවසීය .

පසුව රාත්‍රී කාලයේ මෝටර් රථයක් සහ යතුරු පැදි කීපයකින් පැමිණ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් තමන්ට පහර දුන් බව ජයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

ඊයේ රාත්‍රියේ දඹුල්ල නගරයේ ස්ථාන කිහිපයකම නිවෙස් වලට ගොස් බැණ තර්ජනය කිරීම් මෙන්ම පහරදීම් රැසක් වාර්තා වී තිබුනද ඉන් බොහෝ දෙනෙකු පොලීසිය වෙත පැමිණිලි දැමීම සඳහා නො ගිය බව සඳහන් වෙයි .

කෙසේවෙතත් මෙම ස්ථාන නැරඹීම සඳහා පැමිණි ‍මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ තමන්ට ඇතුළු දඹුල්ලේ ජනතාවටත් ඉවසීමේ සීමාවක් පවතින බවත් එහෙත් ඕනෑම දේකට මුහුණ දීමට සූදානමින් පවතින බව ය.

එහෙත් එක්සත් ජාතික පක්ෂ නායකයින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් මෙවැනි කඩාකප්පල්කාරී සිදු කිරීම් නැවතිය යුතු බව හෙතෙම සඳහන් කළේය .

එසේ නොවන්නේ නම් ඊට පිළිතුරු දීමට තමන්ට ද සිදුවන බව හෙතෙම අවධාරණය කළේය.

අනවශ්‍ය ගැටුම් නිර්මාණය නොකරන ලෙස තමන් එජාප නායකයන්ගෙන් ඉල්ලා සිටින බව කිවේය .

එක්සත් ජාතික පාක්ෂිකයින් විසින් පහර දී ඇත්තේ ඉතාම අහිංසක ජනතාවට වීම බරපතල ප්‍රශ්නයක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අය ප්‍රදේශයේ කුලී කම්කරුවෙකු ලෙස වැඩ කරන අයෙකු එමෙන්ම ආර්ථික මධ්‍යස්ථානයේ කම්කරුවෙකුට මෙයාකාරයෙන් පහරදීම බරපතළ සිද්ධියක් බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය මේ දැයි තමන් ප්‍රශ්න කරන බව සඳහන් කළේය.

දඹුල්ල පොලිසිය මේ වන විට පහරකෑමට ලක්ව තුවාල ලබා සිටින අයගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු එමෙන්ම ආරක්ෂිත කැමරා පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට එමෙන්ම ජංගම දුරකථන විශ්ලේෂණ පණිවිඩ ලබා ගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව පොලීසිය කියයි.

මෙම පහරදීම් සිද්ධීන් වලට චෝදනා එල්ලව ඇති මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා ගෙන් අප ජංගම දුරකථනයෙන් විමසීමේ දී කියා සිටියේ තමන් මේ වන විට කොළඹ ප්‍රදේශයේ රැඳී සිටින බවත් තමන් එවැනි පහරදීමකට නොගිය බවත් ඊට කිසිම කෙනෙකුට අනුබල නුදුන් බව ද සඳහන් කළේය.

උපනන්ද හිමියන් තමන්ට දුරකථන ඇමතුමක් ලබා දී මෙවැනි ගැටුමක් පිළිබඳව හෝ පහර දීමේ සිද්ධියක් හෝ පිළිබඳව කතා නොකළ බවත් පසුදා කොළඹ යෑම සඳහා ගමන් පහසුකම් කෙසේදැයි යන්න තමන් ගෙන් විමසීමක් කළ බව හෙතෙම සඳහන් කළේය.

එවැනි පහරදීමකට කිසිසේත් තමන්ගේ සම්බන්ධකමක් නොමැති බව හෙතෙම සඳහන් කළේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More