රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්කළොත් එතැන් පටන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රාජිත සේනාරත්න මහතා එම තනතුරට පත් නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිඛිතව දන්වා තිබෙන බවද එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
මීට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග වුවද, මේ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බවද අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට කටයුතු කළොත් ඉන් පසුව කඩිනමින් මධ්‍යම කාරක සභාව රැස්කර අදාළ ක්‍රියාමාර්ග තීරණය කරන බවද ඔහු පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...