ආණ්ඩුවට එක් නොවී විපක්ෂයේ අසුන් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනාගේ කණ්ඩායම තීරණය කර තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(17) පස්වරුවේ එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සිදු කළ විශේෂ සාකච්ඡාවක දීය.
පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති මෙම සාකච්ඡාවට ජාතික ආණ්ඩුව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 21 දෙනාගේ කණ්ඩායමේ නියෝජිතයන් එක්ව සිටියහ.
ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු ඇමතිකම් ලබාගෙන එක්සත් ජාතික පක්‍ෂයට එක්වීම සදහා රහස් සාකච්ඡා පවත්වමින් සිටින බවටද වාර්තා පළවෙමින් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...