එක්සත් ජාතික පෙරමුණ පිහිටුවන ජාතික සමගි ආණ්ඩුවට සහයෝගය පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල් ගිවිසුමකට එළැඹුනහොත් දෙමළ ජාතික සන්ධානය තවදුරටත් විපක්ෂනායක ධුරයේ කටයුතු කරන බව වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමතිධුර භාර නොගෙන විපක්ෂය ලෙස කටයුතු කරන්නේ නම් විපකෂනායක ධුරය අත්හැරීමට කටයුතු කරන බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කන්ඩායමේ ස්ථාවරය එය බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය අනුව විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අවසන් තිරණයක් ගන්නා බවද නිර්මලනාදන් මහතා වැඩිදුරටත් පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...