නැවතත් දේශපාලන පක්ෂ මාරු ගණනාවක් සිදුවිය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය එ.ජ.නි.ස ආණ්ඩුවේ සේවය කළ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනකු සහ රාජ්‍ය අමාත්‍යවරයකු එ.ජා.පයට එක්වීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරන අතර, එ.ජා.පයට එක්වූ ශ්‍රී.ල.නි.පයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු නැවතත් එ.ජ.නි.සයට එක්වීමට සූදානම් වෙමින් සිටින බවද වාර්තාවේ.
එ.ජ.නි.ස හා එ.ජා.ප දෙපක්ෂයම තම තමන්ගේ මන්ත්‍රී කණ්ඩායම්වල සංඛ්‍යාව වැඩිකර ගැනීමට සූදානමින් සාකච්ඡා ආරම්භ කර තිබේ.
දේශපාලන ආරංචි මාර්ග අනුව එ.ජා.පයට යාමට නියමිත බව කියන එ.ජ.නි.ස මන්ත්‍රීන් නියෝජනය කරන්නේ අනුරාධපුරය, කොළඹ, ගම්පහ, කුරුණෑගල සහ ජාතික ලැයිස්තුවය.
එ.ජා.පයෙන් එ.ජ.නි.සයට පැමිණීමට නියමිත යැයි කියන මන්ත්‍රීන් දෙදෙනාගෙන් එක් අයෙක් ගාලු දිස්ත්‍රික්කයත් අනෙක් තැනැත්තා ජාතික ලැයිස්තුවත්නි යෝජනය කරන බව සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...