පුරවැසි කොලම

ජාතික විජාතික කදවුරු තම තමන්ගේ බලය තහවුරු කරගන්න වෙර දරන කාලයක් බව අප කවුරුත් දන්නා කරුණකි.

ජාතිකත්වය මත මේ රටට අත් වූ ජයග්‍රහණ පිළිබඳ අමුතුවෙන් තහවුරු කරන්න අවශ්‍ය වෙතැයි විශ්වාස නොකරමි.එය මේ රටෙ සෑම පුරවැසියෙක්ම දන්නා දෙයකි.

එහෙත් විජාතිකත්වය තුලින් රටේ අනාගතය අදුරට ගමන් කරන් බව පෙන්වා දෙන්නට අවශ්‍ය බව දසතින් සාක්ෂි ලැබේ.

කවුරු නොපිළිගත්තද ශ්‍රි ලංකාව බුදු දහමින් හා අතීත සංස්කෘතික මූලයකින් පෝෂණය වූ ජාතිකත්වයෙන් හෙබි රටකි. එකී ජාතිකත්වය මත පමණක් රටක් ලෙස අතීතයේ පටන් ජයග්‍රහණ හිමි කරගෙන තිබෙන බව ඉතිහාසය සාක්ෂි දරයි.

එමෙන්ම ඒ තත්ත්වයෙන් මිදී විජාතිකත්වය මත තුළදී අප දරුණු පරාජයන් අත් කරගත් බව කෝට්ටේ රාජධානියේ පහල වූ ඉතා ධීන රජෙක් වූ දොන්ජුවාන් ධර්මපාල චරිතය තුලින් මනාව අප සපථ කොටගෙන සිටීමු.

රටේ පාලකයන් තොරා ගන්නා න්‍යාය පත්‍රය ජාතිකද විජාතිකද යන්න මත රටේ ජයග්‍රහණය හෝ පරාජය තීරණය වේ. ශ්‍රි ලංකාවේ වර්තමානයේ පාලනය ජනාධිපති හා අගමැති තනතුරු දෙකෙන්ම පාලනය වේ.

ජනාධිපති තුමාගේ ඓතිහාසික කතාවෙන් අපට පෙනෙන්නේ ඔහු ජාතිකත්වය මත සිට කටයුතු කළ බව හා එය ආරක්ෂා කිරීම සදහා ක්‍රියා කළ බවය.එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එසේ නොවී විජාතිකත්වය ශක්තිමත් කළ හා ඉදිරියට ද කරන බව දිවුරුම් දීමෙන් පසු කළ කතාවෙන්ම ඔප්පු කොට හමාරය. ඔහුට ජාතිකත්වය රැකීමට අවශ්‍ය නොවන බවත් විජාතිකත්වය රැකීමට තමා බැදි සිටින බවත් ඒ කතාවෙන් ගම්‍ය විය.

විජාතිකත්වයේ ශක්තිය හමුවේ ජාතිකත්වය ගිලිහෙන්නටදී බලාසිටිය නොහැකි හෙයින් ජනාධිපති නූතන මොණරවිල භුමිකාවට පන පොවන්නට විය.මේ ක්‍රියාව නොඉවසූ නූතන මොල්ලිගොඩලා විසින් මොණරවිල භුමිකාව අඩපණ කරන්න පියවරෙන් පියවර ක්‍රියාත්මක වූ බව හා ඉදිරියට ක්‍රියාත්මක වනු ඇත.ඒ තුලින් ජාතිකත්වය අවධානම් තත්ත්වයට පත්ව සිටී.ජාතිකත්වය සුණුවිසුණු කොට විජාතිකත්වය ජයග්‍රහණය කරන්න දී 1818 ඒ සිදුවීම් 2018 ඇස් පනාපිට වීම දකින්න තරම් අවාසනාවන්ත වියයුතු දැයි අප සිතා බැලිය යුතුය.

එහෙත් ඒ ඉතිහාස පිටුව සම්පූර්ණයෙන්ම සිදුවී නැතමුත් සිදු වෙමින් පවතී.එය එසේම වෙන්නට දෙනවා ද නැතිනම් එතනින් නිවැරැදි කරනවාද තීරණය ඔබ මා සතුව පවතී. නිවැරැදි එකම ක්‍රමය නම් ජාතිකත්වය ශක්තිමත් කිරීමයි. එනම් බුදු දහමින් පෝෂණය වූ ජාතිකත්වය ශක්තිමත් කිරීමය. එකී ජාතිකත්වය වටා ඒකරාශී වීමෙන් හා එකී ජාතිකත්වය වෙනුවෙන් හඩ අවදිකරනන් ආරක්ෂා කිරීම තුලින් සියළු ජාතිකයන්ට ජයග්‍රහණ අත් කර ගත හැකි බව මහ සංඝයා වහන්සේ ලෙස අවධාරණය කරමු.

තෙරුවන් සරණයි ..
ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත
පූජ්‍ය දෙහිපේ චන්දවිමල හිමි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More