නව අමාත්‍ය මණ්ඩලය අද(17) දිනයේදී දිවුරුම්දීමට නියමිතව තිබේ.
ඊයේ(16) දිනයේදී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව පැය 48ක කාලයක් තුළ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන බවට විවිධ ප්‍රකාශ කළ වුණි.
ඒ අනුව අද දිනයේදී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙවර අමාත්‍ය මණ්ඩලය 30 දෙනෙකුට සීමා වන බව ද සඳහන්ය.
පසුගිය වර එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්සත් ජාතික පෙරමුණ සමග ඒකාබද්ධව අමාත්‍යධුර ලබාගත්ත ද මෙවර එවැනි ජාතික ආණ්ඩුවක් ලෙස ක්‍රියා නොකිරීමට නිදහස් සන්ධානය මේ වන විටත් තීරණය කර තිබේ.
මේ අතර අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දිමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමට නියමිත බව සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...