කලින් පැවති ආණ්ඩුව නොසිතු මොහොතක පෙරලා දැමූ ආකාරයටම අද පිහිටුවන ලද එජාප ආණ්ඩුවද නොසිතන මොහොතක පෙරලා දමන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(16) තංගල්ල කාර්ල්ටන් නිවෙසේ දී පැවැති ජනහමුවකදී පැවසුවේය.
ජනතාවට උවමනා වූයේ මැතිවරණයක් නිසා තමන් අගමැති ධුරය බාර ගත් බවත් අධිකරණය විසින් එය අත්හිටුවන ලද නිසා අගමැති ධුරය අතහැරි බවත් ඒ මහතා සදහන් කරයි.
‘රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති විදියට දිවුරුම් දුන්නා. අපි එතුමාටත් සුබ පතනවා. දෙයියන්ගේ පිහිටෙන් අපේ රට බේරගන්න තමයි අපිට වෙලා තියෙන්නේ එතුමාගෙන්. අපි එතුමාට කියනව අපි ඒකත් කරනවා කියලා. එතුමා හිතපු නැති වෙලාවක අපි මේක පෙරළුවා. පෝයට පෙරළනවා කියපු නිසා. අපි ඒ වැඩෙත් කළා. ඊළගට අපි මේ ආණ්ඩුවත් පෙරළනවා කියන එක මම මතක් කරනවා‘ යැයිද කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...