රට ආර්ථික පීඩනයකට සහ ජාතික පීඩනයකට යටත්ව තිබු වාකවානුවක එම තත්ත්වයෙන් රට මුදවා ගැනිම සඳහා තමන්ව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරිම සම්බනධයෙන් කෘතවේදිභාවය පිරිනමමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර ඇත.
තමන්ව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ කාලය තුල සියලු ජනකොටස් වෙත සේවය කිරිම සඳහා තමන්ගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කළ බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ලිපියේ සඳහන් කර තිබේ.
විධායකය හා ව්‍යාවස්ථාදායකය මෙන්ම අධිකරණය අතර ව්‍යාකූලතාවයක් නිර්මාණය කිරිම සඳහා රට අස්ථාවර කිරිමේ බලවේග උත්සහ දරණ මොහොතක එකී බලවේගයන් වෙතින් රට ද ජනතාවද මුදවාගැනීමේ පළමු පියවර ලෙස තමන් හෘද සාක්ෂියට අනුව තීරණයත් ගත් බවත් තම දේශපාලන ජීවිතයේ සෑම මෙහොතකම ගුරු කොට ගත් ජනතාවාදී ආකල්ප පෙරදැරිව අග්‍රාමාත්‍යධූරයේ වගකීමෙන් ඉවත්වීමට තීරණය කළ බවද ඒ මහතා එම ලිපියේ සඳහන් කර තිබේ.
තවද පසු ගිය මාස 1,1/2 පමණ කාලය තුල අගමැතිවරයා ලෙස එය සුරක්ෂා කිරිම සඳහා ජනාධිපතිවරයා විසින් තමන් වෙත ලබා දුන් සහාය අගය කීරීම ද විශ්වාසය තැබු සහෝදර පුරවැසියන් වෙත කෘතවේදීවීම සිදු කරණ බව මෙම ලිපියෙහි සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...