රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පාලනය කිරීමේ ‘රිමෝට් එක‘ දෙමළ ජාතික සන්ධානය අතට පත්ව ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ විජේරාම මාවතේ නිල නිවසේ සිට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපියට ඊයේ (15) අත්සන් තැබිමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.
“රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරන්න කියලා ඡන්ද 117 ක් ලැබුණා. ඒකෙන් 14 ක් දෙමළ ජාතික සන්ධානයේ, TNA එක රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න කියලා ඡන්දය දුන්නට, මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා විශේෂ ප්‍රකාශයක් කරලා කිවුවා, TNA එක රනිල් වික්‍රමසිංහට අගමැති වෙන්න ඡන්දය දුන්ට ඒගොල්ලො ආණ්ඩුවට එක් වෙන්නෙ නැති බවත්, දිගටම විපක්‍ෂයේ ඉන්න බවත් ඉතින් මෙතන වෙලා තියෙන්නෙ මන්ත්‍රීවරුන් 103 ක් ඉන්න එක්සත් ජාතික පක්ෂය, සුළුතරය TNA එක විසින් ප්‍රාණ ඇපයට අරගෙන තියෙන එකයි.”
එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානයේ සහය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවිමට දරන උත්සාහය ගැන අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, “TNA එක කියන විදියට රට පාලනය කළේ නැතිනම් ඕනම මොහොතක එක්සත් ජාතික පක්ෂ සුළුතරයට පාර්ලිමේන්තුවේ බහුතරය නැති වෙන්න පුලුවන්. TNA එකේ අතට තමයි රිමෝට් එක ගිහිල්ලා තියෙන්නෙ,” යනුවෙන්ය.
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් රට අර්ධ-ස්වාධීන ෆෙඩරල් ප්‍රාන්ත රාජ්‍ය නවයකට කැඩීමට සුදානම් වන බව පැවසූ මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ධුරය ද අහෝසිකර 2019 දෙසැම්බර් ජනාධිපතිවරණය ද අහෝසි කිරීම එක්සත් ජාතික පක්ෂයේ සැළසුම බවට ප්‍රකාශ කළේය.
(මෙම ප්‍රකාශය සනාතවන ආසන්නතම සිදුවීමක් පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී දැක ගත හැකි විය. එම වීවියෝව පහතින්) –
දෙමළ සංධානයේ සුමන්තිරන්ගෙන් එජාප ජ්‍යේෂ්ඨයා කිරිඇල්ලට බැණුම් – රනිල් දැක්කේ නෑ වගේ හිටපු හැටි!
Gepostet von Lanka Lead News am Samstag, 24. November 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...