යුද අපරාධ චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 56 දෙනකුගේ සියලු වත්කම් තහනම් කර ඔවුන් විදේශ රටවලට පැමිණීමේදී අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන ලෙස බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය ප්‍රමුඛ කොටි ඩයස්‌පෝරාව යුරෝපා සංගමයේ බලධාරීන් හමු වී ඉල්ලා ඇත.
එසේම ශ්‍රී ලංකාවට ලබාදෙන ජී. එස්. පී. ප්ලස් සහනය වහාම අත්හිටුවන ලෙස ද ඔවුන් ඉල්ලා තිබේ.
කොටි ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරීන් තිදෙනකු හා යුරෝපා සංගමයේ බලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී ඔවුන් තවදුරටත් සඳහන් කර ඇත්තේ යුද අපරාධ චෝදනාවලට ලක් වූ හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීම සඳහා යුරෝපා සංගමය විශේෂ අධිකරණයක් ස්‌ථාපිත කරන ලෙසයි.මේ හැර ශ්‍රී ලංකා රජය හිටපු කොටි ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම නතර කරන ලෙස ශ්‍රී ලංකාවට බලපෑම් කරන ලෙස ද ඉල්ලා ඇත.
-Divaina-
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...