ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සමඟ කිසිසේත් සන්ධානයකට නොයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිළිව ප්‍රකාශ කළේ යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සමඟ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එය අවධාරණය කළ බව බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා කීවේය.
මේ අතර මහින්ද රාජපක්ෂට අගමැති ධුරය දැරීම හා අමාත්‍ය මණ්ඩලයට තනතුරු දැරීම වළක්වමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය බලරහිත කරන්නැයි ඉල්ලා මහින්ද රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන් ගොනු කළ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බැලීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ද ඔහු වැඩි දුරටත් පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඒ කියන්නේ දැනට UNP, TNA, JVP එකතුවට 121ක් මන්ත්‍රී ආසන තියෙනවා….තව 29ක් ආපු ගමන් 150ක් වෙනව….බටහිර NGO නඩය මහින්ද-මෛත්‍රි ගෙන මන්ත්‍රීවරැ 29ක් පන්නගෙන UNP, TNA, JVP එකතුවට 150ක් හදා දීලා ෆෙඩරල් ව්‍යවස්ථාව 2/3 න සම්මත කර ගනීද?