දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට සියලු කටයුතු සූදානම් වෙමින් තිබේ.

මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(14) රාත්‍රි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබා දී මේ පිළිබදව සාකච්ජා කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව අනිද්දා ඉරිදා දිනයේ පෙරවරු 10.00ට ඔහු අගමැතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.

නව කැබිනට් මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් 6 දෙනෙකුද ඇතුළත්වන අතර කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුගෙන් සමන්විත වනු ඇතැයි ද වාර්තාවේ.

ඒ සඳහා මේ වන විටත් අවශ්‍ය කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සිදුකරමින් ඇතැයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More