දේශීය පුවත්

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළ බවට චෝදනා එල්ල වී ඇති පුරවැසි බලය සංවිධානයේ කැදවුම්කරු සමන් රත්නප්‍රිය මහතා විශේෂ විමර්ශන ඒකකයට කැඳවා තිබේ.

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදු කරන ලද කැඳවිමකට අනුව අද පෙරවරු 09.30ට පමණ සමන් රත්නප්‍රිය මහතා එම ඒකකය වෙත පැමිණ ඇති අතර පුරවැසි බලය සංවිධානයේ සාමාජිකයින් වන මහාචාර්ය සරත් විජේසූරිය මෙන්ම ගාමිණි වියන්ගොඩ යන අය ද එම ඒකකය වෙත පැමිණි බව වාර්තාවේ.

සමන් රත්නප්‍රිය මහතා පසුගිය 06 වනදා පැවැති මාධ්‍ය හමුවකදී රට තුළ අරගලයක් නිර්මාණය වන ආකාරයේ සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශ සිදු කළ බව පවසමින් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් නිශාන්ත මහතා විසින් පොලිස් මූලස්ථානයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව පොලිස්පතිවරයාගේ උපදෙස් මත පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More