පුරවැසි කොලම

ජාතික විජාතික ගැටුම

December 14, 2018 1:08 pm | Lanka Lead News

බොහෝ දේ කියන්න තියෙනවා. එක වාක්‍යයකින් කියනවා නම් දැනට විජාතික බලවේග තාවකාලික ව ජයග්‍රහණය කර තිබෙනවා. එහෙත් ජාතික බලවේග නැවතත් ජයග්‍රහණයක් අත්පත් කර ගනීවි. මෙරට අවුරුදු පන්දාහක ඉතිහාසය මේ ජයග්‍රහණ හා පරාජ පිලිබඳ කතාව මිස ඊනියා පංති සටනක කතාවක් නො වෙයි. එය ජාතික බලවේගවල ජයග්‍රහණයකින් අවසන් කර ගැනීමේ කාර්යභාරය අප වෙත පැවරී තිබෙනවා.

අද මෙරට බෝන් අගේන් ක්‍රිස්තියානි නිකාය රටේ ඉහළ යැයි කියන පුද්ගලයන් තම මතවාදයට බාගෙන. බෝන් අගේන් සාමාජිකයන් පරණකඩවලත් අලුත්කඩවලත් ඉන්නවා. රනිල් ළඟත් මහින්ද ළඟත් ඉන්නවා. මෛත්‍රිපාල ළඟත් ගෝඨාභය ළඟත් ඉන්නවා. අද රට පාලනයේ දී බෝන් අගෙන් මතධාරීන් අපට නොදැනෙන එහෙත් රටේ අනාගතයට දැනෙන කාර්යභාරයක් ඉටු කරනවා.

මෙරට බෞද්ධ සංස්කෘතිය ඇත්තේ නමට පමණයි. ආධිපත්‍යය ඇත්තේ ඇත්තේ යුදෙව් ක්‍රිස්තියානි මතවාදවලට. අපේ අධ්‍යාපනය මුළුමනින් ම මෙන් බෞද්ධ විරෝධී. මෙරට 1978 ව්‍යවස්ථාව සකස් කෙරුණේ ජේ ආර්ගේ මල්ලී එච් ඩබ් ජයවර්ධන හා චෙල්වනායගම්ගේ බෑණා විල්සන් අතින්. ඔවුන් දෙදෙනාම ක්‍රිස්තියානි සංස්කෘතියේ. ඔවුන් ගුරුකොට ගත්තේ අමෙරිකන් හා ප්‍රංශ ව්‍යවස්ථා. එය අච්චාරුවක්. ඒ අච්චාරුවට විරුද්ධ ව වික්‍රමබාහු සමග අප කිහිප දෙනෙක් කළුකොඩි දැම්මා. වික්‍රමබාහු පේරාදෙණියේ රැකියාවෙන් නෙරපනු ලැබුවා. මට පේරාදෙණියේ රැකියාවක් ලබා ගැනීමට නොහැකි වුණා.

මෑතක දී 2015 වසරේ මුල රනිල් හා සුමන්තිරන් එකතු වී දහනවවැනි සංශෝධනය ගෙනාවා. සුමන්තිරන් ආගමෙන් ම මෙතෝදිස්ත. රනිල්ගේ ආගම කුමක් දැයි මා දන්නේ නැහැ. ඔහුගේ පියා ක්‍රිස්තියානි. මව බෞද්ධ ඒ මොකක් වුවත් සංයුත්ත නිකායෙන් බණ කිව්වත් රනිල් සංස්කෘතියෙන් යුදෙව් ක්‍රිස්තියානි. 1978 අච්චාරු ව්‍යවස්ථාව 2015 දී තවත් අවුල් කෙරුණා. එහි ප්‍රතිඵලයක් ලෙස විධායක ව්‍යවස්ථාදායක අධිකරණ අර්බුදයක් ඇති වුණා. එහෙත් එය විජාතික හා ජාතික බලවේග අතර ගැටුමක් පමණයි. අද ඇත්තේ ජාතික බලවේග එකතු කිරීමේ සටනක් මිස ඊනියා වාමවාදීන් එකතු කර ගැනීමේ සටනක් නො වෙයි.

1978 ව්‍යවස්ථාවට විරුද්ධ ව කළුකොඩි දැමූ වික්‍රමබාහු අද ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දහනවයට විරුද්ධ වන්නේ නැහැ. ඔහුට පේරාදෙණියෙන් අස්කිරීම නිසා වී යැයි කියන පාඩුවට හිඟ වැටුප් ද ලබා දුන්නා. ඔහු ඉල්ලා අස් වූ බවට ද මතයක් තිබුණා. “ප්‍රජාතන්ත්‍රවාදය” හරි ශක්තිමක් මෙන් ම බලවත්. ප්‍රජාතන්ත්‍රවාදයට මෙන් ම යුක්තියට ද විවිධ අර්ථකථන තියෙනවා.

අප යුක්තිය ඉටු වුණා ය කියන්නේ ඊනියා වාස්තවික යුක්තියක් ඉටු වීමකට නො වෙයි. අප පිළිගන්නා අර්ථකථනයකට අනුව වූ යුක්තියක් ඉටුවිමටයි. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට රෝම ලන්දේසි නීතියට අනුව ඉටු කෙරෙන යුක්තිය එක ම යුක්තිය වන්නේ ඊනියා ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන්ට පමණක් ම නො වේ. ඊයේ ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් තීන්දුව මට පිළිගන්න සිද්ධ වෙනවා. ඒ එයට විරුද්ධ ව අභියාචනයක් ඉදිරිපත් කිරීමට වෙනත් උසාවියක් නැති නිසා. එහෙත් පෙත්සම් කරුවන්ට විරුද්ධ ව ඉදිරිපත් කළ තර්ක පිලිබඳවත් මගේ ප්‍රශ්න තියෙනවා. ජනාධිපති පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ඇයි ද කියන එක නිසි ලෙස විග්‍රහ කෙරුණේ නැහැ. සියල්ල ම වගේ කැරකුණේ , නැත්නම් අවධානය යොමු වුණේ 33(2) (ඇ), 62(2) හා 70(1) අනුව්‍යවස්ථා වටා. රටේ අස්ථාවරත්වය රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස කළ ව්‍යවස්ථා කඩකිරීම්, රටට කරන ලද පාඩු අවධාරණය කෙරුණේ නැහැ. 62(2)ට 70(1) අභිබවා යෑමට හැකි වන්නේ කිනම් වාතාවරණයක් යටතේ ද යන්න වීග්‍රහ කෙරුණා මදි.

තීන්දුව 7-0 ක් වීම කලින් දැන සිටියා ද? එය 6-1 අනුව තීරණය වේය කියා සිතු අය ජනමාධ්‍යයේ සිටියේ ද? මේවා හුදෙක් අනුමාන පමණ ද? රන්ජන් රාමනායකගේත් තිබුණේ අනුමානයක් පමණ ද? ඔහු 3-2 වශයෙන් ප්‍රකාශ කෙළේ විනිසුරුවන් පස් දෙනකු පමණක් පත්වේය යන උපකල්පනය යටතේ ද? සිසිර ද ආබෘ විනිසුරුතුමාගේ අදහස් අනෙක් හයදෙනාගේ අදහස්වලට වඩා තරමක් වෙනස් වන බව දැන සිටි අය සිටියේ ද? එසෙ දැන සිටයත් ඒ ගැන කළ හැක්කේ කුමක් ද?

මා විනිසුරු මණ්ඩලය ගැන කිසිවක් කියන්නේ නැහැ. රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ මට යම් අවබෝධයක් තියෙනවා. අදත් නඩුවක් ඇසීමට නියමිතයි. ඒ මහින්දගේ අභියාචනයක් පිළිබඳවයි. ඒ නඩුවේ තීන්දුව අද දේවි ද කල් යාවි ද කියා මට දැනුමක් නැහැ. එහෙත් රනිල් වික්‍රමසිංහ එකී ත්‍රිපුද්ගල විනිසුරු මඬුලේලෙන් ඊවා වනසුන්දර මහත්මිය ඉවත් කළ යුතු යැයි කී බවට වාර්තා වී තිබුණා. ඒ යම් පෞද්ගලික සම්බන්ධකම් ගැන සඳහන් කරමින්. රනිල් වික්‍රමසිංහට එහෙම ඉල්ලන්න පුළුවන් නම් ඊයේ තීන්දුව දුන් සත්පුද්ගල විනිසුරු මඬුල්ලේ විනිසුරුවන්ගේ පෞද්ගලික සම්බන්ධකම් ගැන විවිධ පාර්ශ්වවලින් ඉල්ලීම් ඉදිරිපත් නූණේ එවැනි සබඳකම් නැති නිසා ද? නැත්නම් අදාළ පුද්ගලයන් රනිල්ට වඩා අධිකරණයට ගරු කරන බැවන් ද? යම් පෞද්ගලික සම්බන්ධකමක් නැති පුද්ගලයන් රටෙන් තබා තුන්ලෝකයෙන් ම හොයා ගන්න බැහැ. රනිල්ට අවශ්‍ය කුමක් ද කියා පැහැදිලියි.

කෙසේ වෙතත් අද දීමට නියමිත තීන්දුව ද සලකා බලා රටේ වත්මන් තත්වය පිළිබඳ විග්‍රහයක් පසව කරමු. දැනට මට කීමට ඇත්තේ ඊයේත් මා කී පරිදි ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව නිසා මහින්දට අගමැති කමෙන් අස්වීමට තරම් තත්වයක් උදා වී නැති බවයි. ඔහු තවමත් මෙරට අගමැති. අගමැති පත් කරන්න පුළුවන් ජනාධිපතිට පමණයි. අහවල් පුද්ගලයාට තම කැමැත්ත ඇතැයි කියන්න පාර්ලිමේන්තුවටවත් බැහැ. කරුණාරත්නගේ දියවන්නා කෝළමට කොහොමටවත් බැහැ.

මහාචාර්ය නලින්ද සිල්වා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More