දේශීය පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විනිසුරු සේවයෙන් විශ්‍රාම යන බව අද ( 14 ) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කෙරෙණි.

අද ශ්‍රේෂ්ඨාධිකරණ 502 ශාලාවේ ඊවා වනසුන්දර ,බුවනෙක අලුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරුවරු අසුන්ගත්හ.

එම විනිසුරු මඩුල්ල විනිසුරු ආසනවල අසුන් ගැනීමෙන් පසුව විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා නිවේදනය කර සිටියේ ඊවා වනසුන්දර විනිසුරුවරිය සිය වසර 40ක සේවා කාලයේ නිමවා අද දින විශ්‍රාම ලබන බවයි.මේ සම්බන්ධයෙන් ඇයට සුබපතන බවද විනිසුරු අලුවිහාරේ මහතා සඳහන් කළේය.

ඉන් පසුව නඩු කටයුතු සඳහා 502 අධිකරණ ශාලාවේ සිටි ජනාධිපති නීතිඥ ඊ කන ඊශ්වරන් මහතා විනිසුරු වනසුන්දර මහත්මිය වෙත සිය ප්‍රණාමය පුදකරන අතර වසර 40ක සේවා කාලය තුළ ඉටු කළ මෙහෙවර පිළිබඳව ඇගයීමට ලක්කරන බවද කියා සිටියේය.

වනසුන්දර විනිසුරුවරියට සුවදායි විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරන බවද ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය. සෙසු නීතිඥවරුන් ද විනිසුරු වනසුන්දර විනිසුරුවරිය වෙත සිය සුබ පැතුම් පළකර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More