දේශීය පුවත්

ලබන 17 වැනිදා (සඳුදා) ලක්ෂ දෙකකට අධික ජනතාවකගේ සහභාගිත්වයෙන් කොළඹ ගාලු මුව‍ෙදාර පිටියට එක්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්ම නොව සෑම පක්ෂයකටම අයත් රටේ මූලික ලියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතා පරමාධිපත්‍යයට ගරු කරන පිරිසක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා අවධාරණය කරයි.

ජනරැලි, ජනඝෝෂා, විරෝධතා සහ ප්‍රසංග ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍යය පිළිබඳව ජනාධිපතිවරයාට පහදා දීමට දින 45කට අධික කාලයක් තිස්සේ විවිධ උත්සාහයන් දැරූ බව පෙන්වා දෙන මන්ත්‍රිවරයා 17 වැනිදා පවත්වන ජනබල මෙහෙයුම මඟින් ජනාධිපතිවරයාට තේරෙන භාෂාවකින් හා ඔහුට ගැළපෙන සංස්කෘතියකින් කටයුතු කරන බවද සඳහන් කරයි.

අධිකරණ තීන්දුවට එක්සත් ජාතික පෙරමුණ සැමවිටම ගරු කරන බවත්, නීත්‍යනුකූල රජයක් නීත්‍යනුකූලව විසුරුවා නීත්‍යනුකූල ලෙස මැතිවරණයකට යෑම සඳහා ජනාධිපතිවරයාට තම වරද නිවැරැදි කර ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවත් මන්ත්‍රිවරයා පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More