Uncategorized

ඊයේ දින (12) මහනායක හිමිවරුන් මුණගැසුණු අවස්ථාවේ දී විනිසුරුවරුන් හත්දෙනෙකුට රටේ ඉරණම තීන්දු කළ හැකිදැයි සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා විසින් ප්‍රශ්න කළ බව දෙරණ ප්‍රවෘත්ති අංශය විසින් වාර්තා කරනු ලැබීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය අනුව අගවිනිසුරු නලීන් පෙරේරා විසින් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ජනාධිපතිවරයාට වසර 4 1/2ක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බව තීන්දු කර ඇත.

මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක විභාගය අවසන් කරමින් මෙම තීන්දුවට සත් පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව එළඹි ඇති බව අගවිනිසුරුවරයා විසින් නප්‍රකාශ කර ඇත.

මේ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත්කර ඇත්තේ වසර 4 1/2ක් යන්නට පෙරාතුව පාර්ලිමේන්තුව විසිරුවා හරින්නට හැකියාව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් 2/3ක ඡන්දය ලබා සම්මත වන යෝජනාවක් මගින් පමණක් බවයි.

ඒ අනුව එම ප්‍රශ්නයටට ප්‍රායෝගිකව සහ ක්‍රියාවෙන් පිළිතුරු දෙමින් එසේ කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින සවස 5.00ට තීන්දුව ප්‍රකාශ කළේය.

එම තීන්දුව මගින් ජනාධිපතිව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී බව ප්‍රකාශයට පත්වී ඇති අතර ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් මඟින් නව ආණ්ඩුවක් පිහිටුවා රට අවුලෙන් ගොඩ නැති ගොඩගැනීම සඳහා වු මහජන අපේක්ෂාව බිඳ වැටී.

එම තත්ත්වය තුළ ගරු විනිසුරුතුමන්ලා හත් දෙනෙකු විසින් තීරණය කරනු ලැබූ රටේ ඉරණම කුමක්දැයි තව නොබෝ දිනකින් මහජනයාට අත්විඳිය හැකි වනු ඇත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More