ප‍්‍රධාන පුවත්

වත්මන් ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 වන දින සිය ධූරයෙහි වැඩ බාර ගන්නා විට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වී නොතිබූ බැවින් ජනාධිපතිවරයාට වසර 06 ක කාලයක් සිය ධූරයෙහි කටයුතු කළ හැකි බව නීතිපතිවරයා අවධාරණය කොට ඇත.

ජනාධිපති ධූරයේ නිල කාලය වසර 05 කට සීමාකොට ඇත්තේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් වන අතර එය කිසිසේත් අතීතයට බලපාන නීතියක් නොවන බවද නීතිපතිවරයා අනාවරණය කරයි.

මේ අතර අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ ඊයේ (10) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මංගල මැතිවරණ ප්‍රචාරක රැ‍ළියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසා සිටියේ ද වර්තමාන ආණ්ඩුවේ නිල කාලය 2020 දක්වාත් ජනාධිපති තුමාගේ නිල කාලය 2021 දක්වාත් පවතින බවය.

ජනපතිගේ ධුර කාල විමසුම සලකා බැලීම අද(Update)

තමාට ජනාධිපති ධුරයේ කටයුතු කළ හැක්කේ වසර පහක කාලයක්ද නැතහොත් වසර හයක කාලයක්ද යන මතය විමසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර ඇති මත විමසුම සම්බන්ධයෙන් සලකා බැලීම අද (11) පෙරවරුවේ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේදී කිරීමට නියමිතය.
තමා 2015 වසරේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේ පැවැති 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වුවත් එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වසර හයක කාලයක් ජනාධිපති ධුරයේ කටයුතු කළ හැකි බවත් ජනාධිපතිවරයා එම මත විමසුමින් පෙන්වා දී තිබුණි. පසුව සම්මත කරන ලද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරය දැරීමේ කාලය වසර පහක කාලයකට සීමා කර ඇති බැවින් තමාට නිශ්චිතව ජනාධිපති ධුරයේ කටයුතු කළ හැකි ලෙස කාලය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා දෙන ලෙස ජනාධිපතිවරයා එමගින් ඉල්ලා තිබුණි.
එම මත විමසීම සම්බන්ධයෙන් විමසීම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙෆ්, ඊවා වනසුන්දර, කේ.ටී. චිත්‍රසිරි, බුවනෙක අලුවිහාරේ හා සිසිර ද ආබෘෘ යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේදී සිදුකෙරෙනු ඇත.

ජනපති ධුර කාලය වසර 5 ද 6 ද? – මෛත්‍රී ශ්‍රේෂ්ඨාධි කරණයේ මතය විමසයි

ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්වන ජනාධිපතිවරයකුට එම ධුරය දැරිය හැකි කාලසීමාව පිළිබඳව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව අර්ථ නිරූපනයක්‌ කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක්‌ කර ඇත.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 32 (1) ව්‍යවස්‌ථාවට අනුව 2015 ජනවාරි 09 දා ශ්‍රී ලංකාවේ ජනාධිපති වශයෙන් තේරීපත්ව එම ධුරයේ කටයුතු කරන තමාට ඉදිරියට වසර 06 ක්‌ එම ධුරය දැරීමට යම් බාධාවක්‌ තිබේ ද යන්න ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරනු ලැබ ඇති ප්‍රශ්නයයි.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 129 (1) වගන්තියට අනුව එකී ප්‍රශ්නය ජනාධිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත යොමුකර තිබේ. එම ප්‍රශ්නය ගැන ද සලකා බලා ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දරන මතය 2018 ජනවාරි 14 දාට හෝ ඊට පෙර තමා වෙත ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අගවිනිසුරුවරයාට දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා විසින් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා වෙත එකී ප්‍රශ්නය යොමු කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්‌ට්‍රාර් මහේෂි ජයසේකර මහත්මිය විසින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර් ද සිල්වා සහ නීතිඥ අමල් ඒ. රන්දෙනිය යන මහත්වරුන්ට ද ඊයේ ලිතව දන්වා ඇත.

එම ප්‍රශ්නය සලකා බැලීම සඳහා ලබන ජනවාරි 11 දා පෙරවරු 11.00 ට ශ්‍රේෂ්ඨාධිකරණය රැස්‌වීමට නියමිත බවත් ඒ පිළිබඳව සාමාජිකත්වය දැනුවත් කරන ලෙසත් රෙජිස්‌ට්‍රාර් ජයසේකර මහත්මිය නීතිඥ සංගමයේ සභාපති සහ ලේකම්ගෙන් ඉල්ලීමක්‌ කර ඇත.

1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූලව ජනාධිපතිවරයාට වසර හයක ධුර කාලයක්‌ හිමි වුවත් එම ධුර කාලය වසර 5 දක්‌වා අඩු කිරීමට 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් පියවර ගනු ලැබිණි.

එම ව්‍යවස්‌ථා සංශෝධනය කළ වකවානුවේ සිටි ජනාධිපතිවරයාටත් මෙම සංශෝධන අදාළ වන්නේ ද නැද්ද යන්න දැන ගැනීම මෙම ඉල්ලීමේ අරමුණ බව දැනගැනීමට ඇත.

ජනාධිපතිවරයා යොමු කළ එකී ප්‍රශ්නය පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්‌ හමුවේ සලකා බැලීමට නියමිතය.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, කේ. ටී. චිත්‍රසිරි සහ සිසිර ද ආබෲ යන මහත්වරුන්ගෙන් විනිසුරු මඬුල්ල සමන්විතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More