දේශීය පුවත්

ඉදිරි දේශපාලන තීන්දු ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කරන තෙක් ඉවසිලිවන්තව සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.

ඇතැම් මන්ත්‍රීවරු පෙන්වා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කුමක් වුවද ජනමත විචාරණයක් හරහා මහමැතිවරණයකට යාමටද හැකියාව තිබෙන බවය. ඊට ප‍්‍රතිචාර දක්වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩබ්ලිව් ඞී. ජේ. සෙනෙවිරත්න පවසන්නේ “ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවෙන් පස්සේ තමයි ජනතාවගේ මතය විමසලා…ජනතාවගේ තීන්දුව අනුව මැතිවරණයට යනවද කියන කාරණය විමසිය යුත්තේ. ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය නීත්‍යානුකූලයි කියලා කිව්වොත් ජනමත විචාරණයක අව්‍යශතාවයක් නෑ. එවැනි තීන්දුවකටත් බොහෝ දුරට ඉඩ තියෙනවා.”. යනුවෙනි.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ව්‍යවස්ථානුකූල බවට තමන් තවදුරටත් විශ්වාස කරන්නේ යැයි ද එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More