පුරවැසි කොලම

පුරවැසි බලය සංවිධානයේ නියෝජිත සමන් රත්නපි‍්‍රය මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රට තුළ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අන්දමේ සහ අරගලයක් නිර්මාණය වන අන්දමේ ප‍්‍රකාශ නිකුත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ලිබියාවේ ගඩාෆි ජනාධිපතිවරයා බිංගෙයක් තුළ සැ`ගවී සිටියදී ජනතාව විසින් එළියට ඇද මරා දැමූ අයුරු මතක තබා ගන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලා සිටින බව පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයකු මෙන්ම පිරිමි නර්ස් කෙනෙක් වන සමන් රත්නප‍්‍රිය පවසා තිබිණි.

නීත්‍යානුකූල ආණ්ඩුවකට රට බාර දෙන ලෙසත් එසේ නොකළහොත් මහජනතාව පැජට් පාරට එනු ඇති බවත් සමහර විට මිනී මැරෙනු ඇති බවත් ඔහු ප‍්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාට ප‍්‍රසිද්ධියේ මරණ තර්ජනයක් අනියම් ආකාරයෙන් සිදු කර තිබේ.

සැබවින්ම සමන් රත්නප‍්‍රියගේ ප‍්‍රකාශය ජාතික ආරක්ෂාවට පමණක් නොව ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද බරපතල ගැටලූවකි. මේ වන විට ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ඇතුළු පිරිසකගෙන් ප‍්‍රශ්න කරමින් විමර්ශන කටයුතු සිදු වෙමින් පවතී. සමන් රත්නප‍්‍රියගේ ප‍්‍රකාශය ඇතැම් විට සිරිසේන ජනාධිපතිතුමා ඝාතනය කිරීමේ ප‍්‍රයත්නයේම තවත් කොටසක් දැයි සැක කරන්නටද හැකියාවක් පවතී.

ජනතා සංවිධාන වල මුල් පුටුවල සිටින පිරිස් රටේ අනෙකුත් ජනතාවට ආදර්ශවත් විය යුතුය. එහෙත් මේ අයගේ කටයුතු වලින් එවැන්නක් අපට නම් පෙනෙන්නේ නැත. ජිනීවා නුවරදී වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සම්මේලනය නියෝජනය කිරීම සඳහා 2007 වර්ෂයේ සිට රාජ්‍ය අංශය නියෝජනය කරනු ලබන වෘත්තීය සමිති නියෝජනයකටත් අවස්ථාව ලබා දෙන ලදී. එහෙත් යහපාලන ආණ්ඩුව බලට පත්වීමෙන් පසුව 2015, 2016, 2017 සහ 2018 යන වසර හතරේදීම අඛණ්ඩවම ජිනීවාවල පැවැති ජාත්‍යන්තර කම්කරු සම්මේලනය නියෝජනය කිරීමට ගොස් ඇත්තේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති පිරිමි නර්ස් සමන් රත්නප‍්‍රිය පමණි. එසේම ජිනීවා නොයන මෙන්ම විශේෂ දේශපාලන වැඩක් නොමැති දිනවලදී පුංචි බොරැුල්ල පැත්තේ කාර්යාලයක නර්ස් නෝනලාට උසස්වීම්, මාරුවීම් ලබාදෙන ආකාරය ගැන තවත් කතා බොහෝය.

අද රට කරන්නට සිදුව ඇත්තේ මේ එන්ජී ඕ නඩයට අවශ්‍ය ආකාරයටය. මේ එන්ජී ඕ නඩය නඩත්තු කරන්නේ විදේශ බලවේගයන්ය. ඒ අනුව මේ විදේශ බලවේගවල ඕනෑ එපාකම්වලට අනුව ඒවාට රෙදි නැතුව කඬේ යන්නට මේ එන්ජී ඕ කාරයෝ සූදානමින් සිටිති.

අනෙක් අතට මේ එන්ජී ඕ කාරයන්ද අමුතුම සත්ව කොට්ඨාසයකි. රටට සාධාරණය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන බණ දේශනා කළද මේ පිරිසගේ අතීතය ගඳ ගසන සිදුවීම් වලින් ගහණය. සාධාරණ සමාජයක් ගැන කියවන ඇතැමුන්ගෙන් නිවසේ මෙහෙකාරියටද සාධාරණයක් ඉටුවූයේ දැයි සැක සහිතය. අනුන්ට කියා පොත් පරිවර්තනය කර ගෙන ඒ සඳහා මුදල් නොගෙවූ මේ සාධාරණ ගුරුන්නාන්සේලා තම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා තමන්ට පරීක්ෂා කරන්නට ලබාදුන් ප‍්‍රශ්න පත‍්‍ර මිටිවලට ගිනි තැබුවේ එම මහාචාර්යවරයා අමාරුවේ දමන්නටය. අද අපට සාධාරණ සමාජය ගැන කියාදෙන්නට හදන මේ අයගේ අතීත ක‍්‍රියාකාරකම් ගැන දැන ගන්නට අවශ්‍ය නම් විශ්වවිද්‍යාල ක්‍ෂේත‍්‍රයේත් පොත් ප‍්‍රකාශන ක්‍ෂේත‍්‍රයේත් අය ගෙන් ඒ ගැන සවිස්තරව අසා දැන ගත හැකිය. මේවා පුද්ගලික කාරණා ලෙස ඇතැමුන්ට තර්ක කළ හැකි වුවත් අද වන විට මොවුන්ගේ වැදි බණ රටට පිලිලයක්වී තිබේ.

එක පැත්තකින් රට බෙදන්නට මාන බලන බෙදුම්වාදී බලවේගයන්ය. අනෙක් පැත්තෙන් ඔවුන්ගේ ඡුන්ද වලින් බලය රැුකගන්නට උත්සාහ දරන දේශපාලනඥයින්ය. අනෙක් අතට මුළු රටම අර්බුදයට ගොස් අකර්මණ්‍යව තිබේ. එවැනි අවස්ථාවක මේ ප‍්‍රශ්නවලට ඉක්මන් විසඳුම් ලබාදෙනවා වෙනුවට වගකිවයුතු පාර්ශ්ව මුනිවත රකිමින් සිටිති. රටේ සියලූ ප‍්‍රශ්නවලට විදේශ තානාපතිවරු මැදිහත්වෙමින් ප‍්‍රකාශ හෝ ට්විටර් පණිවිඩ නිකුත් කරති. අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරැුකීම සඳහා මහමැතිවරණයක් පවත්වනවාට වැඩිපුරම විරුද්ධ එක් පිරිසක් වන්නේ මේ තානාපතිවරුන්ය.

ශී‍්‍ර ලංකාවේ බි‍්‍රතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩෝරිස් තමන් හිටපු නීති ශිෂ්‍යයකු ලෙස මෙරට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් වන නඩු තීන්දුව දෙස බලාසිටින බව පවසා තිබේ. ඔහු නීතිය ඉගෙනගන්නට ඇත්තේ මහා බි‍්‍රතාන්‍යයේ විය යුතුය. එසේ නම් ඔහු කළ යුත්තේ තම රටට ගොස් එරට නඩු තීන්දු දෙස බලා සිටීමය. රට කරවන ආකාරය ගැන උපදෙස් දෙන්නට අවශ්‍ය නම් ඔහු කළ යුත්තේ මේ වන විට විශ්වාස භංග යෝජනාවකට මුහුණදී සිටින ඔහුගේ රටේ අගමැතිවරියට උපදෙස් දීමය. එසේ නොකොට අපේ රටේ අභ්‍යන්තර ප‍්‍රශ්නවලට මැදිහත් වන්නට ගියහොත් ඔහුට සිදුවනු ඇත්තේ ඔහුගේම තනතුර මීට කලකට පෙර දැරූ ඬේවිඞ් ග්ලැඞ්ස්ටන් හට සිදුවූ අකරතැබ්බයටම මුහුණ දෙන්නටය. එසේ නොවී තමන්ගේ රාජකාරිය පමණක් සිදුකරගන්නා ලෙස අපි බි‍්‍රතාන්‍ය මහකොමසාරිස්වරයාට කාරුණිකව මතක් කර සිටින්නෙමු.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More