දේශීය පුවත්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂද ඇතුළු පාර්ශ්වයන් 12ක් විසින් ගොනු කොට තිබුණු පෙත්සම් පිළිබඳව සත් පුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ පැවැති නඩු විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති මෙම අවස්ථාවේ ශේ‍ර්ෂ්ඨාධිකරණයත්, අභියාචනාධිකරණයත් පිහිටා ඇති අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය හා ඒ අවට ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇත.

ඊයේ (12දා) දහවල් වන විටත් විශේෂ පොලිස් කණ්ඩායම්වලට අමතරව විශේෂ කාර්ය බළකායද කැරැලි මර්දන කණ්ඩායම්ද කැඳවා තිබෙනු දැකගත හැකි විය.

අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ දින 4ක් තිස්සේ එකී පෙත්සම් 12ක් හා ඒවාට එරෙහිව කරුණු දැක්වීම සඳහා ඉදිරිපත් වූ මැදිහත්කාර පෙත්සම්ද පිළිබඳව පැවැති නඩු විභාගය ඉකුත් 7 වැනිදා සිකුරාදා රාත්‍රි 7 පසු වී මිනිත්තු 10ට අවසන් වූ අතර නඩු තීන්දුව ඉදිරි දිනකදී ප්‍රකාශයට පත් කරන බැව් අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රකාශ කර සිටියේය.

ශේ‍ර්ෂ්ඨාධිකරණයේම ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ හෙට (14දා) දිනයේදී සම්පූර්ණ පිටු විශාල සංඛ්‍යාවකින් යුතු නඩු තීන්දුව නිකුත් කිරීමට ඇති අපහසුතාව මත ඇතැම් විට විවෘත අධිකරණයේදී සාරාංශගත කෙටි නඩු තීන්දුවක් කියවා තීන්දුව ප්‍රකාශ කිරීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බවත් එසේ වුවහොත් සම්පූර්ණ සවිස්තරාත්මක නඩු තීන්දුව නිකුත් කිරීම සඳහා දිනයක් නියම කරනු ලැබිය හැකි බවත්ය.
-Mawbima



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More