දේශීය පුවත්

මහජනතාවගේ ඡන්දයෙන් පත් වූ 225 දෙනා ප්‍රජාතන්ත්‍රවාදයේ හිමිකරුවන් තමන් යැයි සිතන්නේ නම් එය මෙරට මිලියන 22ක් වූ මහජනතාවට සිදු කරන අපහාසයක් මෙන්ම උපහාසයක් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක විය යුතු නම් සිදුවිය යුත්තේ තීන්දුවක් ගැනීමට ජනතාවට අවසර දීම බවද හෙතෙම පැවැසීය.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ඊයේ (12දා) පුංචි බොරැල්ලේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඔහු මෙසේද පැවැසීය.

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතරයේ කැමැත්තට ඉඩ දීම. 26 වැනිදාට කලින් බහුතරයේ බලාපොරොත්තුව වුණේ මොකක්ද? හැම පැත්තෙන්ම කියැවුණේ ආණ්ඩුව වෙනස් කරන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාව අගමැතිකමින් ඉවත් කරන්න කියලයි. ඒක තමයි රටේ බහුතර මතය වුණේ.

ඒ සියල්ල අමතක කරලා අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අවස්ථාව දෙන්න කියලා තමයි අපි කියන්නෙත් පක්‍ෂයක් ලෙස. ප්‍රජාතන්ත්‍රවාදයට අනුව තීන්දු ගැනීමේ හැකියාව තියෙන්නේ කාටද? මහජනතාවටයි.

එ.ජා.ප.ය ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගත් ප්‍රථම අවස්ථාව මෙය පමණක් නෙවෙයි. 1982 ජනමත විචාරණයක් තියලා රටේ ජනතාව ගොනාට අන්දලා යූ.ඇන්.පී.ය මිනිස්සු ලව්වා කියෙව්වා ඡන්දය එපා කියලා.

අපි විශ්වාස කරනවා මේ රටේ ස්වාධීන අධිකරණයක් තියෙනවා කියලා.උත්තරීතර අධිකරණයේ තීන්දුව අපි පිළිගන්න කැමැතියි. අය – වැයෙන් දෙසැම්බර් 31ට පමණයි මුදල් සම්මත වෙලා තියෙන්නේ. ලබන වර්ෂයට අය – වැයක් අවශ්‍යයි. එය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුව සක්‍රිය විය යුතුයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More