දේශීය පුවත්

අලුත් ව්‍යවස්ථාවක් තුළින් උතුරු නැගෙනහිර ගැටලුව සම්බන්ධයෙන් සෑම දෙනාටම පිළිගතහැකි විසදුමක් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (12) සඳහන් කළේය.

ඒ ඔහු වෙනුවෙන් විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මත වීමෙන් පසුව පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,

‘‘අපි දන්නවා උතුරේ ද්‍රවිඩ ජනතාව විඳින දුක. අපේ සංවර්ධන ව්‍යාපාරයෙන් ඒවට විසදුම් ලබාදෙනවා. අපි අලුත් ව්‍යස්ථාවක් සකස්කරලා ඒ මගින් ඒකිය රජ්‍යයක් තුළ නොබෙදුන ශ්‍රි ලංකාවක් තුලින් මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව හැමෝටම පිළිගන්න පුලුවන් දේශපාලන විසදුමක් ලබාදෙන්න අප කැපවෙලා ඉන්නවා. පළාත් සභා ශක්තිමත් කිරිමත් ඒ තුළින් සිදුවනවා.ඒ එක්කම විධායක ජනාධිපතිකම අහෝසි කිරිමටත් අපි කැපවෙලා ඉන්නවා කියලා කියන්න කැමැතියි.‘‘

මේ අතර එජාපයේ අගමැතිවරයකු පත්කිරීමට සහාය පළ කිරීම උදෙසා වන දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දිගින් දිගටම සාකච්ඡා කළ බවත්, එම ඉල්ලීම් ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් ඊයේ (12) දිනයේදී ලබා ගැනීමට කටයුතු කළ බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්ලොට් පක්ෂ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මාධ්‍යයට අදහස් දක්වමින් ඊයේ (12) පැවැසීය.

එම ඉල්ලීම් අතර
01.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම.
02.දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම.
03.උතුරේ ඉඩම් ප්‍රශ්න විසඳීම.
04.පුරාවිද්‍යා හා වනජීවි දෙපාර්තමේන්තු මඟින් ගැසට් මඟින් ඉඩම් අත්පත් කරගැනීම වහාම නතර
කිරීම හා එම ඉඩම් ආපසු ජනතාවට බාරදීම.
05.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය ඉදිරියේ පිළිගත් පරිදි 30 (1) යෝජනාව ඉෂ්ට කිරීම. ඒ තුළ ඇතුළත් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More