දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී, රනිල් වික්‍රමසිංහ මහතා හට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියාකිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට ඉදිරිපත් කරන ලද යෝජනාව අද (12) පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග වලට අනුකූලව විවාද කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් සම්මතවූ බව කථානායකවරයා විසින් ජනපතිට දන්වා යැවා ඇත.
මේ සම්බන්ධයෙන් කථානායක මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(2) (ආ) විධිවිධාන ප්‍රකාරව විද්‍යුත් ඡන්ද සටහන් කිරීමේ යන්ත්‍රය භාවිතයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් 117 කු ගේ බහුතර ඡන්දයෙන් මෙකී විශ්වාසය ප්‍රකාශ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී යථා පරිදි සම්මත කර ගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(3) හි විධිවිධාන ප්‍රකාරව 2018 දෙසැම්බර් 04 වැනි අඟහරුවාදා නිකුත් කරන ලද පාර්ලිමේන්තුවේ අංක 1 දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ 3 වැනි පරිපූරක‍යේ දින නියමයක් නොමැති යෝජනා පිළිබඳ දැනුම් දීම යට‍තේ පළ කරන ලද, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, ලක්ෂ්මන් කිරිඇල්ල, රාජිත සේනාරත්න, පලනි දිගම්බරම්, මංගල සමරවීර, රිසාඩ් බදියුදීන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී, රනිල් වික්‍රමසිංහ මහතා හට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියාකිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති බවට ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව, දැනුම්දෙන ලද දින සිට සම්පූර්ණ දින 5ක් ඉකුත් වීමෙන් පසුව සහ 2018 දෙසැම්බර් 05 වැනි බදාදා 9.30ට කථානායක නිල කාමරයේදී පවත්වන ලද රැස්වීමේදී එකඟ වූ පරිදි එදින සභාවේ අනුමතිය අනුව 2018 දෙසැම්බර් 12 වැනි බදාදා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ බව ද කථානායක කාර්යාලය නිවේදනය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More