5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩයිම් ලකුණු අද නිකුත් කෙරිණ.
ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය ඇතුළත්වීමේ කඩයිම් ලකුණු සංඛ්‍යාව 187කි.
කොළඹ ආනන්ද විද්‍යාලයට ලකුණු 185 ක්, කොළඹ නාලන්ද විද්‍යාලය ලකුණු 184 ක්, සහ කොළඹ ඩි.එස්. සේනානායක විද්‍යාලය ලකුණු 182 ක් වශයෙන් නම් කර තිබේ.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුළත්වීමේ ලකුණු කඩයිම් වන්නේ, ලකුණු 179 කි.
කොළඹ තර්ස්ටන් විද්‍යාලය ඇතුළත් කර ගැනෙන්නේ ලකුණු 178 සීමාව යටතේයි.
බාලිකා පාසල් අතරින් වැඩිම කඩයිම් ලකුණු සංඛ්‍යාව කොළඹ විශාඛා විද්‍යාලයට හිමිව තිබෙනවා.
එම සංඛ්‍යාව ලකුණු 189 කි.
කොළඹ දේවි බාලිකා විද්‍යාලයට ලකුණු 185 ක්, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ලකුණු 182 ක්, මහනුවර උසස් බාලිකා විද්‍යාල ලකුණු 181 ක් ලෙස කඩයිම් ලකුණු නම් කර තිබේ.
ඊට අමතරව ගම්පහ යශෝදරා දේවි බාලිකා, මහනුවර පුෂ්පදාන බාලිකා, සහ රත්නපුර ෆර්ගියුසන් උසස් බාලිකා යන විද්‍යාලවලට ඇතුලත්වීමේ කඩයිම් ලකුණු සංඛ්‍යාව 177 කි.
මෙවර කඩයිම් ලකුණුවලට අනුව මිශ්‍ර පාසල් සදහා වැඩිම ලකුණු අගයක් නම් කර ඇත්තේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලටයි.
එම සංඛ්‍යාව ලකුණු 182 කි.
හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය, වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් කර ගැනීමේ කඩයිම් ලකුණු සංඛ්‍යාව 179 කි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...