මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේත්, කැබිනට් මණ්ඩලය අදාළ අමාත්‍යධූරවලත් කටයුතු කිරිම වළක්වාලන්නැයි රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලූ පෙත්සම් විභාගය 2019 වසරේ ජනවාරි මාසය තෙක් කල් තබා ඇත.
ඒ අනුව අදාළ පෙත්සම් 2019 වසරේ ජනවාරි මස 16,17 හා 18 යන දිනවලදී විභාග කිරීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක මන්ත්‍රිවරුන් 122ක් අභියාචනාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරමින් රීට් ආඥාවක් ඉල්ලා සිටියේ.
ඒ අනුව පෙත්සම් විභාගය අවසන් වන තෙක් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයේත්, කැබිනට මණ්ඩලය අදාළ ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් මේ වන විට තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් අභියාචනාධිකරණයේ තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා එක් පෙත්සමකුත් චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු හා විජයදාස රාජපක්ෂ තවත් පෙත්සමකුත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...