දේශීය පුවත්

ශ්‍රි පාද පත්මය පිහිටුවා වසර 2600 ක් සපිරිම නිමිත්තෙන් 2018-2019 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ වන උදුවප් පොහෝ දිනයේ ශ්‍රිපාද මළුවේ විශේෂ පින්කම් රුසක් සිදු කරන බව ශ්‍රි පාදස්ථානාධිපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති පැල්මඩුල්ල රජමහා විහාරයේ විහාරාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් නිවේනයක් නිකුත් කරමින් කියා සිටියි.

මේ මස 20 දින අලුයම ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජ මහ විහාරස්ථානයේ ශ්‍රි සුමන සමන් දේවාලය විවෘත කොට එදින පස්වරු 6 සිට පසුදා පහන් වන තුරු සධාතුක කරඩුව, සමන්දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ වලට චාරිත්‍ර විධි පවත්වා බැතිමතුන්ට පුජා වන්දනා අවස්තාව ලබාදෙන බවයි ශ්‍රිපාදස්ථානාධිපති හිමියන් නිකුත් කල නිවේදනයේ සදහන් වි ඇත්තේ.

මේ මස 21 වෙනි දින පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ සිට සර්වඥ ධාතු සහිත කරඩුව සහිත සමන් දේව ප්‍රතිමාව රැගත් රිය පෙරහැර රත්නපුර රජමාවත ඔස්සේත්, රත්නපුර අවිස්සාවේල්ල යටියන්තොට හැටන් මාර්ගය ඔස්සේත් පැල්මඩුල්ල බලංගොඩ බගවන්තලාව මස්කෙලිය මාර්ගය ඔස්සේත් ශ්‍රිපාද උඩු මළුව දක්වා වැඩම කර උදුවප් පොහො දිනයෙන් ශ්‍රිපාද වන්දනා වාරය ආරම්භ කරන බවයි ශ්‍රි පාදස්ථාධිපති හිමියන් මෙම නිවේදනයෙන් කර ඇත්තේ.

බෞද්ධ සිරිත් අනුගමනය කරමින් පරිසර හිතකාමි ලෙස ශ්‍රි පාද වන්දනාව සිදු කරන ලෙස ශ්‍රිපාදස්ථානාධිපති හිමියන් සියළුම ශ්‍රි පාද වන්දනාකරුන්ගෙන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More