ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථා අර්බුදය මැද ඇමරිකාව ශ්‍රී ලංකාවේ තාවකාලික නාවික සැපයුම් කඳවුරක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.
මේ සඳහා ගුවන්යානා ප්‍රවාහන නෞකාවක් වන ජෝන් සී ස්‌ටෙනිස් නමැති න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන යෝධ නැව භාවිත කරන බව යූ. එස්. නේවි නිව්ස් වෙබ් අඩවිය (10 දා) හෙළි කළේය.
ඉන්දීය සාගරයේ යාත්‍රාකරන ඇමරිකානු නාවික යාත්‍රාවලට සැපයුම් ලබාදීම සඳහා මේ තාවකාලික නාවික කඳවුර ස්‌ථාපිත කරන බව ස්‌ටෙනිස් නෞකාවේ නිලධාරී ලුතිනන් බ්‍රසිරන් ඕර්මින් පවසා ඇත.
මෙයට පෙර ත්‍රිකුණාමලය වරායට පැමිණි ඇමරිකානු ඇස්‌කෝරේඡ් නැව ගුවන් මෙහෙයුම් මධ්‍යස්‌ථානයක් ලෙස ක්‍රියාත්මක වී ඇත.
මෙතෙක් ඉන්දීය සාගරයේ ක්‍රියාත්මක වන ඇමරිකානු නාවික යාත්‍රාවලට සැපයුම් ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ තාවකාලික නාවික කඳවුරක් පිහිටුවීමට ඇමරිකාව ක්‍රියා කර නොතිබුණි.
ඇමරිකානු නාවික හමුදාවේ සැපයුම් හා මෙහෙයුම් ඒකකයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට සැලසුම් කර ඇති බව ඉංග්‍රීසි පුවත්පත් වාර්තා කර ඇත.මේ සඳහා පාර්ලිමේන්තුවෙන් හෝ කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ගැනීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
Gepostet von Ranjanie Dabare am Montag, 10. Dezember 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...