පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කුමන තීන්දුවක් ලබාදුන්නද එකම කණ්ඩායමක් ලෙස ඉදිරියටත් කටයුතු කළ යුතු යැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (11) රාත‍්‍රී පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇත.
එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබී ස්ථාවර රජයක් පත්වූ පසුව පැවැති රජයේ වංචා දුෂණ සෙවීම සඳහා කොමිෂන් සභා පත්කීරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවැසූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු පැවැසීය.
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ නිලධාරීන්ට හිටපු අගමැතිවරයාගේ පාර්ශ්වයෙන් බාධා එල්ලවූ බැවින් එම පරීක්‍ෂණ නිසිලෙස සිදුනොවූ බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. එහෙත් සිදුවූ දේශපාලන වෙනසත් සමඟ බැදුම්කර වංචාව සම්බන්ධ පරීක්‍ෂණ ස්වාධීනව නිසිලෙස සිදු කෙරන බවද ජනාධිපතිවරයා පැවැසූ බව එම මන්ත‍්‍රීවරයා කීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (11) රැස්විය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොදු ලකුණකින් මැතිවරණයට තරඟ කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී මන්ත‍්‍රීවරුන් අදහස් දක්වා ඇත. එහිදී දෙපාර්ශ්වයටම එකඟවිය හැකි පොදු ලකුණක් තෝරාගැනීම පිළිබඳව මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී දිසානායක මහතා පවසා ඇත.
මේ අතර උත්සව සමයේදී ප‍්‍රමාදයකින් තොරව රාජ්‍ය සේවකයන්ට ප‍්‍රසාද දීමනා ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට දැනුම්දුන් බවද මන්ත‍්‍රීවරයා කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...