දේශීය පුවත්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්හි තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා විසින් කර ඇති ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබේ.

නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් මෙම මෝසම ගොනු කර ඇත.

නීතිඥ ලක්සිරි මහතා අධිකරණය හමුවේ සිය මෝසමෙන් කියා සිටින්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් පිළිබඳ තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා නීතිපතිවරයා මාර්ගයෙන් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවට ජනමාධ්‍ය ඔස්සේ පුවත් පළ වී ඇති බවයි.

මෙවැනි ඉල්ලීම් කිරීම තුළින් අදාළ නඩුවේ විභාග කටයුතු වට අගතියක් සිදුවන බවයි නීතිඥ අරුණ ලක්සිරි මහතා කියා සිටින්නේය.ජනාධිපතිට මෙවැනි ඉල්ලීමක් කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වගන්තිය යටෙත් විශේෂ අර්ථ නිරූපණයක් පිළිබද කරුණු විමසීමක් හරහා පමණක් බවද ඒම මෝසමේ සඳහන්ව ඇත.

එම නිසා මෙම නඩුව පිළිබඳව ස්වාධීන ලෙස විභාගයක් පවත්වා සුදුසු තීන්දුවක් ලබාදෙන මෙන් ද නීතිඥ අරුණ ලක්සිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More