ඉන්දියාවේ ජම්බුකාෂ්මීර ප‍්‍රාන්ත රජය විසුරුවා හැරීමට ආණ්ඩුකාර සත්‍යපාල් මලික් විසින් ගත් තීන්දුවට එරෙහි ඉදිරිපත් වූ පෙත්සම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප‍්‍රභ කර තිබේ.
මෙම පෙත්සම ගොනුකර තිබුණේ භාරතීය ජනතා පක්‍ෂ මන්තී‍්‍රවරයෙකු වන ගගන් භගාත් විසිනි.
පෙත්සම ගොණුකළ භාරතීය ජනතා පක්‍ෂයේ ගගන් භගාත් මන්තී‍්‍රවරයා එම පෙත්සමින් ඉල්ලා සිටියේ මෙම විසුරුවා හැරීම නීතිවිරෝධී බැවින් එම විසුරුවා හැරීමේ ආණ්ඩුකාරවරයාගේ නියෝගය අත්හිටුවා මන්ත‍්‍රණ සභාවේ බහුතර බලය විමසා බලා තීන්දුවක් ගන්නා ලෙසටය.
එම පෙත්සම නිෂ්ප‍්‍රභ කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ ආණ්ඩුකාරවරයා විසින් ගත් මෙම තීන්දුවට හා එය කි‍්‍රයාත්මක කිරීමට එරෙහිව කිසිදු බාධාවක් කිරීමට හෝ මැදිහත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු හැකියාවක් නොමැති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...