දේශීය පුවත්

පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අසහස් පල කලේය.

2018 දෙසැම්බර් 12 වන දින රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පල කරලා යෝජනාවක් සම්මත කරන්න නියමිතයි. එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව ඒ යෝජනාව සම්මත කළාට පස්සේ ඊට සහය පල කළ මන්ත්‍රිවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු ගොනු කිරීමටත් නියමිතයි. නඩුවෙන් ඉල්ලා සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරන මෙන් උසාවි නියෝගයක් ලබා දෙන ලෙසයි. නමුත් උසාවිය එහෙම නියෝගයක් ලබා දෙන්න අගමැති ධූරයේ පුරප්පාඩුවක් තිබෙන්න ඕනෑ. නමුත් දැනට අගමැති තනතුරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්නවා.

අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ලෙස කටයුතු කිරීම වලක්වන බවයි. එහෙම නැතුව අගමැති ධූරයෙන් ඉවත් කරලත් නෑ. තනතුර අහිමි වුණු බවට ප්‍රකාශ කරලත් නෑ. එහෙම කළ හැක්කේ නඩුව අසා අවසන් වීමෙන් පසුව පමණයි. මේක හරියට විනය පරීක්ෂණයක් කරන විට වැඩ තහනම් කරනවා වගේ වැඩක්. තනතුර අහිමි වන්නේ විනය පරීක්ෂණයෙන් වැරදිකරු වුණොත් විතරයි. නමුත් ඒ කාලය තුල ගෙදරට වී තනතුරේ සිටිනවා මිස තනතුරේ රාජකාරි කරන්න බෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට වෙලා තිබෙන්නෙත් අන්න ඒ වගේ වැඩක්. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමනි, පස් වතාවක් අගමැති වීමේ ශ්‍රී ලංකා වාර්තාවට තව ඉවසන්න වෙනවා.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More