දේශීය පුවත්

කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කරන ලද අතුරු නියෝගය අනුව අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ගෙවන සියලු දීමනා තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අමාත්‍යවරුන්ට ගෙවන දුරකතන සහ ඉන්ධන දීමනා ඇතුළු සියලු දීමනා මෙන්ම පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ගෙවන ලද වේතන යනාදි සියලු ගෙවීම් අභියාචානාධිකරණ තීන්දුවෙන් පසු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා සඳහන් කරයි.

එසේම අමාත්‍යවරුන්ගේ බලතල ඉවත් කර ඇති නිසා සියලු කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පමණක් සිදුකරන ලෙස සියළුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත දන්වා ඇත. මේ හේතුවෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය අවශ්‍ය අවස්ථාවල එම අනුමැතිය ලබා ගැනීමට නොහැකි වීම නිසා ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය විය හැකි බවයි අග්‍රාමාත්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි.මේ හේතුවෙන් ඒ ඒ අමාත්‍යාංශ යටතේ ආරම්භ කිරීමට නියමිතව නව ව්‍යාපෘති ප්‍රමාද වන බවද ඔහු පෙන්වා දෙයි.

මේ අතර සියලු අමාත්‍යාංශ වෙත තවදුරටත් පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව සපයා ඇති බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More