අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කථානායක කරූ ජයසූරිය මහතාට එරෙහිව නීතිඥ අරණ ලක්සිරි මහතා විසින් අද (10) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.
ලක්සිරි මහතා විසින් ගොනු කළ එම පෙත්සමේ සඳහන් වනුයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කිරීමෙන් එම නඩු කටයුතු වලට බලපෑමක් ඇති කිරීමට කථානායකවරයා කටයුතු කර ඇති බවයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරුතහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසු නොවැම්බර් මස 14 වැනි දා සිට පාර්ලිමේන්තුව කැඳවීමට කථානායකවරයා කටයුතු කර තිබු බවට පෙත්සම්කරු සඳහන් කර සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...