දේශීය පුවත්

20 නැවතත් කරලියට

December 10, 2018 8:54 am | Lanka Lead News

පවතින දේශපාලන අර්බුදය අවසන් වූ වහාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙනයෑමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පවසයි.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය සමඟ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීම ගැන මූලික මට්ටමෙන් සාකච්ඡා කර තිබෙන බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් එම ප‍ාර්ශව දෙකම කැමැත්ත පළ කර ඇති බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

මීට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවත් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කර නව සැසිවාරවක් ආරම්භ කළා වුවද 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මූලික පාර්ලිමේන්තු කටයුතු සිදු කර ඇති බැවින් නැවත අලුතෙන් ඉදිරිපත් කළ යුතු නොවන බවත් එම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. අර්බුදය අවසාන වීමෙන් ප්‍රථමයෙන් සිදුකරන කටයුත්ත වන්නේ 20 වැනි සංශෝධන යෝජනාව සම්මත කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම බව එම මන්ත්‍රීවරයා කීය.

මේ අතර එක්සත් ජාතික පෙරමු‍ණේ ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් විරෝධය දැක්වූ පාර්ශවයන් සමඟ නොනිල වශයෙන් සාකච්ඡා කර ඇති බවයි. එක්සත් ජාතික පෙරමුණේ බහුතර පිරිසක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂ බවත්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අතිශය වැදගත් කාරණයක් යැයි පිළිගෙන තිබෙන බවත් එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයෙක් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More