දේශීය පුවත්

තමන් කිසිවිටක පොහොට්ටුවේ සාමාජිකත්වය නොගන්නා බවත් තමන්ද කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙන් පරණ ශ්‍රී ලංකා කාරයෙකු ලෙස කටයුතු කරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කරයි.

විජයමුණි සොයිසා මහතා මේ අදහස් පළ කළේ කළුතර ප්‍රදේශයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

රට විශාල ආර්ථික අර්බුදයකට පත්ව ඇති බවත් එය කිසිවෙකුට සැඟවිය නොහැකි බවත් ඔහු පවසයි. අර්බුද ඇති කළ කිසිවකුත් ඊට වන්දි නොගෙවන බවත් සියල්ල ගෙවීමට සිදුවන්නේ සාමාන්‍ය ජනතාව බවත් ඒ මහතා පෙන්වා දෙයි.

ඒ නිසා සියලු දෙනාගේම වගකීම වන්නේ මෙම ප්‍රශ්නය සමථයකට පත් කරගෙන ස්ථිර ආණ්ඩුවක් පිහිටුවා මැතිවරණයට යාම හෝ වෙනත් ඕනෑම විසඳුමකට යාම බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.

බහුතරය පෙන්වීමට නොහැකි වුණේ තමන්ට නොවන බවත් තමන් බහුතරය පෙන්වීමට අදාළ සහයෝගය ලබාදුන් බවත් පැවසූ ඒ මහතා “දැන් අපි අප්පච්චි අගමැති කරා, අපෙ ඇමතිකමත් නැතිවුණා, අපිට උසාවිත් යන්න වෙලා තියෙනවා … අපි ඒත් සතුටින් ඉන්නේ” යනුවෙන් ද සඳහන් කර තිබේ.

තමන් කිසිවිටක පොහොට්ටුවේ සාමාජිකත්වය නොගන්නා බව පවසන ඒ මහතා “මමත් වෙල්ගම මහත්තයා වගේ තමයි, අපි පරණ ශ්‍රී ලංකා කාරයෝ” යනුවෙන් ද ප්‍රකාශ කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More