දේශීය පුවත්

කැබිනට් මණ්ඩලයේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය මඟින් නිකුත් කරන ලද අතුරු නියෝගයට අනුව හිටපු අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට ලබාදෙන ගෙවීම් තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබේ.

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා විසින් මෙම නියෝගය ලබාදුන් බව අප කළ විමසීමකට පිළිතුරු දෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා සදහන් කළේය.

ඒ අනුව දුරකථන, ඉන්ධන දීමනා ඇතුළු සියලු ගෙවීම් මෙමඟින් පසුගිය සතියේ සිට තාවකාලිකව නවතා දමා තිබේ.

කෙසේවෙතත් අධිකරණ නියෝගය ලබාදෙන තුරු පමණක් අදාළ තහනම ක්‍රියාත්මක වන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර ජනාධීපතිවරයා පසුගියදා රජයේ ආයතන වලට අයත් උත්සව, රැස්වීම් සහ විවිධ වැඩසටහන් පැවැත්වීමේදී පුද්ගලික හෝටල් හෝ සුඛෝපභෝගී හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් කරමින් ජනාධිපතිවරයා චක්‍රලේඛයක් ද නිකුත් කරනු ලැබුවේය.

ada derana



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More