දේශීය පුවත්

‘පුරවැසි බලය’ සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් මඟින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන ඝාතනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බවට සැක මතු වන බවටත් රට තුළ අරගලකාරී තත්ත්වයක් ඇති කිරීමට ඔහු ඇතුළු කණ්ඩායමක් සැරසෙන බවටත් සැක මතුවන හෙයින් ඒ පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ඊයේ (09දා) ‘පිවිතුරු හෙළ උරුමය’ පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා.

පසුගිය දිනක පුරවැසි බලය නමින් හදාගත් නඩයක් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී සමන් රත්නප්‍රිය කියන පුද්ගලයා කරපු බරපතළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද දින අප පක්ෂයක් විදිහට පොලිස්පතිතුමා හමුවේ පැමිණිල්ලක් ගොනු කළා.

ජනාධිපතිවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් පිළිබඳ මුළු රටේම පසුගිය දින වල කතා බහට ලක් වුනා. මේ වන විට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන්. මෙවන් අවස්ථාවක රට තිබියදී සමන් රත්නප්‍රිය විසින් ප්‍රකාශ කරනවා රටේ විධායක ජනාධිපතිවරයාගේ නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල තීන්දුවලට එරෙහිව ජනතාව පාරට බස්සවන බවටත් එහිදී ඇතැම් විට මිනීමැරුම් සිදුවිය හැකි බවටත් . ඒ වගේම ලිබියාවේ හිටපු නායක මුවමර් ගඩාපිට සිදුවූ වූ ආකාරයේ සිද්ධියක් ලංකාවේ සිදු විය හැකි බවටත් එතුමා භයානක හැඟීමක් රට තුළ ඇති කරනවා.

එවැනි තත්වයක් මේ රට තුළ ඇති වීමට අපි කිසි දවසක ඉඩ තබන්නේ නැහැ. ඒ නිසා අපි අද පොලිස් මූලස්ථානයට ඇවිදින් පොලිස්පති තුමන්ගේ සහන මැදිරියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළා.

ඒ වගේම අපි මෙහිදී විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ සමන් රත්නප්‍රිය මහතා නියෝජනය කරන්නේ සෞඛ්‍ය සේවාවන්. සෞඛ්‍ය සේවාව නියෝජනය කරන පුද්ගලයෙක් මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් අපි ඇත්තටම කනගාටු වෙනවා. මොකද මෙවැනි ප්‍රකාශ කරනවා නම් මෙතුමා නියෝජනය කරන්නට ඕනෑ දෙමටගොඩ මස් කඩය. ගඩාපිගේ ඝාතනය වැනි සිද්ධීන් මෙරට සිදුකල යුතු යැයි පවසන මානසික තත්වයක් පවතින පුද්ගලයෙක් ඇත්තෙන්ම රාජකාරි කරන්නට ඕනෑ මෙරට සෞඛ්‍ය අංශයේ නොවෙයි. ඔහු රාජකාරි කරන්නට අවශ්‍ය දෙමටගොඩ මස් කඩෙි. මේ වන විට මුළු ලෝකයම හෙළාදකින එවැනි කූර ඝාතනය ශ්‍රී ලංකාව තුළටත් ගෙන එන්නට අවශ්‍ය යැයි කියන මේ සමන් රත්නප්‍රිය කියන ඩොලර් කාක්කන්ට අපි කියනවා මෙවැනි ප්‍රකාශයන් හරහා මේ රටේ ජනතාවට භීතිය ඇති කරන්නට එපා කියලා.

මේ සම්බන්ධයෙන් අප සමන් රත්නප්‍රියට එරෙහිව පොලිස්පති තුමාගේ සහන මැදිරියට සිදු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වහාම මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

මේ අවස්ථාව සඳහා පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරළගේ සංස්කෘතික කටයුතු ලේකම් උපුල් කෝනාර සහ ජාත්‍යන්තර කටයුතු ලේකම් රෝහණ තල්පාවිල යන මහත්වරුන් ද එක් විය.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More